දෙමළ කෙටි නාට්‍ය අධ්‍යක්ෂවරුන් සඳහා වැඩමුළුවක්

  👤  1604 readers have read this article !
By mawbima 2018-10-19

චාමිණී ගම්මන්පිල

දේශීය නාට්‍ය කලාව පෝෂණය කිරීමට කැපවූ සිංහල නාට්‍ය කලාව මෙන්ම දෙමළ නාට්‍ය කලාවද පෝෂණය කිරීම ජාතික අවශ්‍යතාවක් ලෙස සලකා උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යාංශයට අනුබද්ධිත ටවර් හෝල් රඟහල පදනම විසින් වාර්ෂිකව දීප ව්‍යාප්තව සමස්ත ලංකා දෙමළ මාධ්‍ය කෙටි නාට්‍ය තරගය සංවිධානය කරනු ලබයි.

2017/18 වර්ෂය සඳහා සංවිධානය කෙරෙන උක්ත තරගයේ අවසාන වටය සඳහා සුදුසුකම් ලබා සිටින නාට්‍ය 16 හි අධ්‍යක්ෂ ගුරු භවතුන් සඳහා නාට්‍ය හා රංගකලා දෙදින නේවාසික ප්‍රායෝගි වැඩමුළුවක් නොවැම්බර් 3 හා 4 යන දිනයන්හි මීගොඩ අධ්‍යාපන සම්පත් මධ්‍යස්ථානයේදී පවත්වන බව ටවර් හෝල් රඟහල පදනම පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon