ඝාතන කුමන්ත්‍රණයේ පරීක්ෂණවල ප්‍රතිඵල තවත් සතියකින් -රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදී ජනපති කියයි

  👤  1609 readers have read this article !
By mawbima 2018-10-19

ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු

ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණ කතාවේ පරීක්ෂණවල ප්‍රතිඵල තවත් සතියකින් පමණ ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදී ප්‍රකාශ කර තිබේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙරේදා (17දා) ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව රැස්වී ඇති අතර එහිදී ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා විසින් මෙම ඝාතන කුමන්ත්‍රණ කතාවේ පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව විමසා තිබේ. මෙම ඝාතන කුමන්ත්‍රණ කතාව ඉතා බරපතළ එකක් බවත් මේ ගැන පරීක්ෂණ සිදු කෙරෙන්නේ දැඩි ලිහිල් භාවයකින් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා පෙන්වා දී ඇත. ඇතැම් සුළු වැරැදි සම්බන්ධයෙන් දැඩි පිළිවෙතක් අනුගමනය කරනු ලබන පොලිසිය මෙම ඝාතන කුමන්ත්‍රණ කතාව වැනි ඉතා බරපතළ කරුණක් ගැන සෑහීමකට පත්වන ආකාරයකින් පරීක්ෂණ සිදුනොකරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා විසින් පෙන්වා දෙන ලදී.

මෙම පරීක්ෂණ කටයුතු හොඳින් සිදුකෙරෙමින් පවතින බවට තමන් තුළ විශ්වාසයක් පවතින බවත් ඉදිරි සතියක් ඇතුළතදී මෙහි ප්‍රතිඵලයක් ලැබෙන්නට පුළුවන් බවත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වේ. මීට අමතරව උතුරේ ජනතාව මුහුණ දී තිබෙන ඉඩම් සම්බන්ධයෙන් පවතින ගැටලුව දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් මෙහිදී පෙන්වා දී ඇත.

පවතින එම ගැටලු සම්බන්ධයෙන් වෙනම සොයා බැලීමක් සිදුකරන බවත් මේ වසරේ දෙසැම්බර් 31 වැනිදාට පෙර එම ගැටලුව විසඳීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී ප්‍රකාශ කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon