ඒස්.ටී.එෆ් වෙඩි පහරින් තුවාල ලැබූ පාතාලයේ හසිත රෝහලේදී මියයයි

  👤  1702 readers have read this article !
By mawbima 2018-10-19

චාමර අමරසූරිය

ඔරුවල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය සමඟ වෙඩි හුවමාරුවකින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ සහ අංගොඩ ලොක්කාගේ ගෝලයකු වන හසිත හෙවත් බණ්ඩා නමැත්තා ඊයේ (18දා) මියගොස් තිබේ. ඉකුත් 4 වැනි දින මෙම වෙඩි තැබීම සිදුවිය.

මෙම තැනැත්තා මයිකේ‍රා් වර්ගයේ පිස්තෝලයක් අතැතිව යමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට සූදානම් වනවාත් සමඟ මෙම වෙඩි හුවමාරුව සිදුවී තිබිණි. පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගේ අධීක්ෂණය මත මේ පිළිබඳව ඉදිරි විමර්ශන කෙරේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon