ලංකා බැංකුවේ හා මහජන බැංකුවේ ධුර කාලය අවසන් වූ අධ්‍යක්ෂ මණ්ඩල නැවත ස්ථාපිත කරන්න ජනපති ඇමැතිට උපදෙස් දෙයි

  👤  1651 readers have read this article !
By mawbima 2018-10-19

පවත්නා නීති විධිවිධානයට අනුකූලව අධ්‍යක්ෂ මණ්ඩල ධුර කාලය අවසන් වී ඇති ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල නැවත ස්ථාපිත කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට උපදෙස් දී ඇති බව රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන ඇමැතිවරයා අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් ඇතිව නුදුරු අනාගතයේදී ඒ සඳහා පියවර ගන්නා බවත් එතෙක් ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ වත්මන් අධ්‍යක්ෂ මණ්ඩල විසින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබන බවද බාධාවකින් තොරව එම ආයතන පවත්වාගෙන යන බවද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon