සමනලවත්තේ සමනල පැටියා අතුරුදන් වී මාස 3යි

  👤  3137 readers have read this article !
By mawbima 2018-10-19

බළන්ගොඩ _ පියසේන එන්. හේවගේඝ

බළන්ගොඩ සමනලවත්ත ප්‍රදේශයේදී අතුරුදන් වූ සහන් කුමාර සිසුවා පිළිබඳ කිසිදු තොරතුරක් මේ වන තෙක් දැන ගැනීමට නොහැකි වී ඇති අතර හෙට දිනට (20දා) ඔහු අතුරුදන් වී පුරා මාස තුනකි.

ඉකුත් ජූලි 20 වැනි දින පාසල් ගොස් නිවෙසට පැමිණි මොහු දර කැඩීමට වනයට ගොස් ඇති පියා සොයාගෙන ගිය බවට ලැබුණු තොරතුරක් මත පොලිසිය මහත් පරිශ්‍රමයක් දරමින් දරුවා සෙවීමේ කටයුතු ආරම්භ කළේය.

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට සූදානමින් සිටි මෙම දරුවාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් යුද හමුදාවද දින කීපයක් සමනල රක්ෂිතයේ සෝදිසි මෙහෙයුම් කළ අතර පොලිසිය විසින් පනහකට අධික පිරිසකගෙන් ප්‍රකාශ ලබා ගනු ලැබිණි. බළන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. උදයන බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවැසුවේ තාමත් මෙම දරුවා ගැන තොරතුරු සොයමින් සිටින බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon