DIG නාලකගෙන් FCID පැය 9ක් ප්‍රශ්න කරයි

  👤  3114 readers have read this article !
By mawbima 2018-10-19

චාමර අමරසූරිය

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්‍ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගෙන් රහස් පොලිසිය පැය නවයකට ආසන්න කාලයක් ඊයේ (18දා) ප්‍රකාශ සටහන් කරගනු ලැබීය.

ජනාධිපති සහ හිටපු ආරක්‍ෂක ලේකම් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේ යැයි ඔහුට නැඟෙන චෝදනා සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට අදාළව මෙම ප්‍රශ්න කිරීම් සිදු කර ඇත.

පෙරවරු 9.30ට පමණ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා රහස් පොලිසිය වෙත පැමිණ තිබේ. පස්වරු 6.00ට පමණ ප්‍රකාශ ලබාදී පිටවී ගොස් ඇති අතර විමර්ශනයට අදාළව තවත් කරුණු රැසක් ගැන ප්‍රශ්න කොට සටහන් කර ගැනීමට නියමිතව ඇති බැවින් ඔහුට අද (19දා) දිනද පෙරවරුවේ රහස් පොලිසියට පැමිණෙන ලෙසට දැනුම්දී ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon