ද හින්දු පත්‍රයට තොරතුරු දුන් අයට තම නම් හෙළි කරන්න ශක්තියක් නෑ

  👤  3276 readers have read this article !
By mawbima 2018-10-19

රුචිර දිලාන් මධුශංඛ

තමා ඝාතනය කිරීම සඳහා 'රෝ' ඔත්තුකරුවකු යොදවා ඇති බවට ජනාධිපතිවරයා කැබිනට් හමුවේදී සිදුකළා යැයි පවසමින් 'ද හින්දු' පුවත්පතට තොරතුරු ලබාදුන් තැනැත්තන්ට තමන්ගේ නම හෙළි කිරීමට තරම්... ආත්ම ශක්තියක් නැත්තේ ඇයි දැයි අමාත්‍ය මහින්ද සමරසිංහ ඊයේ (18දා) ශ්‍රී ලනිප පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කළේය.

මෙම තොරතුරු ලබාගත් හෝ ලබාදුන් ඇමැතිවරුන්ගේ නම් සඳහන් නොකරන්නේ ඇයි දැයිද ඇමැතිවරයා මෙහිදී ප්‍රශ්න කළේය.

කෙසේ වෙතත් මෙම ව්‍යාජ තොරතුරු ලබාදුන් ඇමැතිවරුන් ගැන පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බවද මහින්ද සමරසිංහ ඇමැතිවරයා කීවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා මෙසේද පැවැසීය.

'මේ කරුණු සියල්ලම අසත්‍යයි. මෙය හිතා මතා රටවල් දෙකක් අතර අර්බුදයක් නිර්මාණය කරන්නට දැරූ උත්සාහයක්. සිදු නොවූ දෙයක් නිර්මාණය කර කියනකොට තමන්ගේ නම හෙළි කරන්නට තරම් මේ අයට ආත්ම ශක්තියක් නැද්ද?

අපි මාධ්‍යවේදීන්ට මොකුත් කියන්නෙ නැහැ. මොකද මාධ්‍ය ආචාර ධර්ම අනුව තොරතුරු ලබාගත් මූලාශ්‍ර පිළිබඳව අනාවරණය කරන්නෙ නැහැ. ඒ වගේම තොරතුරු ලබාගත් ආකාරය අපි විමසන්නේ නෑ. නමුත් තොරතුරු ලබාදුන් තැනැත්තන්ට තමන්ගේ නම හෙළි කිරීමට තරම් ආත්ම ශක්තියක් නැත්තේ ඇයි?

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon