ඉහළ පෙළේ සාකච්ඡාවකට රනිල් ඉන්දියාවට යයි

  👤  3243 readers have read this article !
By mawbima 2018-10-19

උපතිස්ස පෙරේරා, කටුනායක - ගයා තිරිමාදුර

ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ නවදිල්ලිය බලා පිටත්ව ගියේය. ඉන්දීය අගමැති නරේන්ද්‍ර ශ්‍රී මෝදි සමඟ ඉහළ පෙළේ සාකච්ඡාවක් හෙට (20දා) නවදිල්ලි නුවරදී පැවැත්වෙයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙම ඉන්දීය නිල සංචාරයේදී ඉන්දීය විදේශ ඇමැතිනි ශ්‍රී මති සුෂ්මා ස්වරාජ්, ස්වදේශ කටයුතු අමාත්‍ය රාජනාත් - සිං ඇතුළු එරට ජේ‍යෂ්ඨ දේශපාලනඥයන් කිහිප දෙනකු සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, ඛනිජ තෙල් සපයමින් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග, සම්පත් උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම යන මහත්වරුන් සමඟ අග්‍රාමාත්‍ය කාර්යාලයීය නිලධාරීහු පිරිසක් මෙම සංචාරයට එක් වෙති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon