තරුණ ව්‍යාපාරිකයන්ට තුරුණු දිරියෙන් සවිය

  👤  3136 readers have read this article !
By mawbima 2018-10-19

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

සාධාරණ ලෙස ජීවිතය ජයගන්නට වෙර දරන තරුණ ව්‍යාපාරිකයන්ට දිරියක් වන්නට එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ ක්‍රියත්මක වන ලංකා බැංකු තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමය සමත්ව ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

තුරුණු දිරිය ලංකා බැංකු ණය යෝජනා ක්‍රමය මඟින් වසර 3ක කාලයක සිට ක්‍ෂේත්‍රයේ නියුතු උපාධියක් හෝ පිළිගත් වෘත්තීය සහතිකයක් සහිත අවුරුදු 40ට අඩු කුඩා පරිමාණ ව්‍යවසායකයන් සඳහා ඇප නොමැතිව ළිහිල් ඇප ක්‍රමයක් යටතේ ණය ප්‍රදානය සිදු කරයි.

මේ පිළිබඳ තොරතුරු සියලුම ලංකා බැංකු ශාඛා මඟින් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ලබාගත හැකිය. තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභ ලැබූ නැඟෙනහිර පළාතේ තරුණයකු වන රාසමානික්කම් ජූඩ් ප්‍රකාශ කරන්නේ පසුගිය වසර පුරාම මුදල් හිඟකම නිසා ව්‍යාපාරයට අවශ්‍ය අමුද්‍රව්‍ය සතිපතාම මිලට ගන්නට අපහසුතා ඇතිවූ බවත් මේ ණය ක්‍රමය නිසා මාස කිහිපයකට අවශ්‍ය ද්‍රව්‍ය එකවර ගැනීමට හැකි හැකි වූ බවත්ය.

රාසමානික්කම් ජූඩ් තරුණයා ගෘහ භාණ්ඩ හා ‍ෙදාර ජනෙල් ආදිය පිරිසුදු කර ඔප දැමීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක් නිෂ්පාදනය කර බෙදාහරින තරුණ ව්‍යාපාරිකයෙකි.
ඔහු පවසන්නේ තුරුණු දිරිය ණය ලබා ගැනීමට හැකිවීම නිසා තම ව්‍යාපාරය තිබූ තත්ත්වයට වඩා යහපත් කර ගැනීමට ඉදිරියේදී හැකි වනු ඇති බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon