අධිකරණමය ක්‍රියාමාර්ගවලින් තොරව සැකකරුවන්ට දඬුවම් දෙනවාදැයි සැකයි

  👤  3228 readers have read this article !
By mawbima 2018-10-19

පසුගිය රජය සමයේ සිදුවූ ආකාරයට අධිකරණමය ක්‍රියාමාර්ගවලින් තොරව සැකකරුවන්ට දඬුවම් පැමිණවීමේ ක්‍රියාවලියක් මේ වනවිට ආරම්භ වී ඇත්දැයි සැක පහළ වන බව "ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයන්" පවසයි.


වැලිගම්පිටිය වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරු මාංචු දමා නොච්චියාගම පොලිසියේ සිට රැගෙන යමින් සිටියදී දඬුගම් ඔයට පැන දිවිනසා ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් ඔවුහු මේ බව පවසති.
එය බැලූ බැල්මට සිදුවිය නොහැකි සිද්ධියක් ලෙසද ඔවුහු පෙන්වා දෙති.

පසුගිය ආණ්ඩු සමයේ අත්අඩංගුවේ පසුවූ 100ක් පමණ සැකකරුවන් නොයෙකුත් අවස්ථාවලදී මරාදමා තිබුණු අතර එම සිද්ධීන් පිළිබඳ කිසිදු පරීක්ෂණයක් සිදුනොවූ බවටත් ඔවුහු චෝදනා කරති.

පසුගියදා සිදුවූ මේ සිද්ධිය පිළිබඳව විධිමත් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝග කරන ලෙසත් එම පරීක්ෂණයේ ප්‍රතිඵලය ජනතාව ඉදිරියේ තබනා ලෙසටත් නීතිය හා සාමය පිළිබඳ ඇමැතිවරයාගෙන් ඔවුන් ඉල්ලා සිටී.

මෙවැනි බරපතළ මානව හිමිකම් කඩවීමක් පිළිබඳව විධිමත් ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම් සිවිල් සමාජය මැදිහත් වී අධිකරණමය ක්‍රියාමාර්ගයකට පිවිසිය යුතුව ඇති හෙයින් මේ පරීක්ෂණය කඩිනමින් විධිමත්ව පවත්වන ලෙසද ඔවුහු වැඩිදුරටත් ඉල්ලා සිටිති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon