2021දී ජන හා නිවාස සංගණනයක්

  👤  3139 readers have read this article !
By mawbima 2018-10-19

නුවන් හෙට්ටිආරච්චි

2021 වර්ෂයේදී ජන සංගණනයක් සිදු කිරීමට ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සැලැසුම් කර ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි.
වසර 10කට වරක් පවත්වනු ලබන ජන සංගණනය එම වසරේ සිදුකිරීමට අවශ්‍ය බවත් ඒ අනුව ජන හා නිවාස සංගණනයේ ලැයිස්තුගත කිරීම 2020 වර්ෂයේදීද ගණන් ගැනීමේ හා දත්ත ප්‍රචලිත කිරීමේ අදියරයන් 2021 වර්ෂයේදීද සිදු කිරීමට සූදානම් බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ සම්බන්ධ ඉදිරිපත් කළ කැබිනට් යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළ බවද වැඩිදුරටත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon