කොළඹ ගුවන් සම්මන්ත්‍රණය ජනපති ප්‍රධානත්වයෙන්

  👤  3145 readers have read this article !
By mawbima 2018-10-19

දෙනගම ධම්මික රණවීර

කොළඹ ගුවන් සම්මන්ත්‍රණය 2018 ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ (18දා) අත්තිඩිය ඊගල් ලේක්සයිඩ් හෝටලයේදී ආරම්භ කෙරිණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කරන ලද එම සම්මන්ත්‍රණය සඳහා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණවර්ධන, ගුවන් හමුදාපති කපිල ජයම්පති යන මහත්වරුන්ද ත්‍රිවිධ හමුදාපතිවරුන්ද පොලිස්පතිවරයා ඇතුළු නිලධාරි පිරිසක්ද එක්ව සිටියහ.

එක්සත් ජනපදය, චීනය, ඉන්දියාව, එක්සත් රාජධානිය, පාකිස්තානය ඇතුළු රටවල් රැසක උසස් හමුදා නිලධාරීහු පිරිසක්ද එම අවස්ථාවට සහභාගි වී සිටියහ.

මෙහිදී ප්‍රධාන ආරාධිත දේශනය ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝක ආර්ථික ප්‍රවණතා සම්බන්ධයෙන් සිදු කරන ලද්දේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විසින්ය. එමෙන්ම දිනය පුරා විශේෂ සාකච්ඡා සැසි 4ක් පැවැත්වීමටද කටයුතු කර තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon