තුරුණු දිරියෙන් අට කෝටියකටත් වැඩියෙන් ණය දීලා

  👤  3172 readers have read this article !
By mawbima 2018-10-19

උපතිස්ස පෙරේරා

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ලංකා බැංකුවේ තුචරුණු දිරිය ණය යෝජනා ක්‍රමය තුළින් සති 26ක් තුළ ව්‍යවසායක ණය ලෙස රුපියල් 81,203,000ක් ලබාදීමට සමත්වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලීය ප්‍රතිසංවර්ධන කාර්යාලය සඳහන් කරයි.

පසුගිය අප්‍රේල් මස 12 වැනි දින අංකුඹුර ප්‍රදේශයේ තරුණ ව්‍යාපාරිකයකුට තුරුණු දිරිය ප්‍රථම ණය නිකුත් කළ අතර එය දීර්ඝ කාලීන ණයක් ලෙස ලබා දී තිබිණි.

ආරම්භයේ සිටම පළාත් සභා ප්‍රාදේශීය වශයෙන් ණය යෝජනා ක්‍රමයේ ප්‍රගතිය සතිපතා අධීක්ෂණය කළ අතර මේ වන විට දිවයිනේ පළාත් නවයෙහිම මුල් වටයේ ප්‍රගති සමාලෝචන සැසි සාර්ථකව අවසන් කර තිබේ. ඉකුත් 12දා උෟව පළාත කේන්ද්‍ර කරගනිමින් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වූ පළමු වටයේ අවසාන ප්‍රගති සමලෝචන රැස්වීමේදී මෙම කරුණු අනාවරණය වී තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon