අපවත් වූ කෙම්පිටිකන්දේ දේවානන්ද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය හෙට වාද්දුව මහජන ක්‍රීඩාංගණයේදී

  👤  1340 readers have read this article !
By mawbima 2018-10-17

වාද්දුව, මොල්ලිගොඩ ප්‍රවචනෝදය මහ පිරිවෙන්හි හිටපු පරිවේණාධිපති ශාස්ත්‍රපති කෙම්පිටිකන්දේ දේවානන්ද හිමියෝ අපවත් වූහ. මොල්ලිගොඩ ප්‍රවචනෝදය මහ පිරිවෙන් විහාරාධිපතිව වැඩ සිටි ලබුගම ලංකානන්ද මහ නාහිමියන් ඇතුළු මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සෙවණෙහි වැඩ සිටිමින් සුවිසල් ධර්ම ශාස්ත්‍රීය සේවාවක නිරත වූ දේවානන්ද හිමියෝ අපවත් වන විට 66 වැනි වියෙහි පසුවූහ. වාද්දුව, තල්පිටිය බෝධිරාජ මහ විහාරස්ථානයේ වැඩ සිටි උන්වහන්සේගේ ශ්‍රී දේහය විහාරස්ථානයේ තැන්පත් කොට ඇත. අද (17දා) පෙරවරුවේ ආගමික වතාවත් කිරීමෙන් අනතුරුව වාද්දුව මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙන් විහාරස්ථානයට වැඩම කරවන දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය හෙට (18දා) පස්වරු 2ට වාද්දුව මහජන ක්‍රීඩාංගණයේදී සිදුකිරීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon