නාමල් උයන සම්බන්ධ වෙබ් අඩවියක් විවෘත කරයි

  👤  1343 readers have read this article !
By mawbima 2018-10-17

පරිසරයට ආදරය කරන මෙරට ජනතාවගේ ගෞරවයට මෙන්ම ආදරයටද පාත්‍රවී සිටින නාමල් උයනේ වනවාසී රාහුල ස්වාමීන් වහන්සේ විසින් සුරක්‍ෂිත කොට දැයට දායද කොට තිබෙන නාමල් උයන සම්බන්ධ මධ්‍යම සංස්කෘතික අරමුදලේ දායකත්වයෙන් සකසන ලද වෙබ් අඩවිය විවෘත කිරීම සහ නව කාර්යාල පරිශ්‍රය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නාමල් උයනේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට මධ්‍යම සංස්කෘතික අරමුදලේ උපදේශක පූජ්‍ය අඹන්වල ඥානලෝක ස්වාමීන් වහන්සේ, අමාත්‍යවරුන් වන පී. හැරිසන්, චන්ද්‍රාණි බණ්ඩාර, මන්ත්‍රි චන්දිම ගමගේ ඇතුළු දේශපාලන අධිකාරිය සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා ඇතුළු විශාල පිරිසක්ද එක්වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon