වවුචර වෙනුවට රෙදි දෙන කතාව බොරුවක් - අධ්‍යාපන ඇමැති

  👤  1362 readers have read this article !
By mawbima 2018-10-17

ජේ.ටී. ද සිල්වා

පාසල් දරුවන් සඳහා නිල ඇඳුම් රෙදි වෙනුවට වවුචර් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන ඇති තීරණයෙහි කිසිදු වෙනසක් සිදුවන්නේ නැතැයි අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් අවධාරණය කරයි.

'මේ වසරේදී පාසල් සිසුන්ට වවුචර් වෙනුවට නිල ඇඳුම් රෙදි ලබාදෙන බවට ඇතැම් කණ්ඩායම් විසින් අසත්‍ය ප්‍රචාරයක් ගෙන යමින් ජනතාව නොමඟ යැවීමට උත්සාහ කරනවා' යැයි ඇමැතිවරයා පෙන්වා දෙයි.

'නිල ඇඳුම් රෙදි වෙනුවට වවුචර් ක්‍රමය හඳුන්වාදීම හරහා දූෂණ, අක්‍රමිකතා සහ අනවශ්‍ය මුදල් නාස්තිය මෙන්ම අතයට සිදුවූ කොමිස් ගනුදෙනුවලට තිත තැබීමට හැකිවුණා. ඊට අමතරව නිල ඇඳුම් රෙදි ලබාදීම සම්බන්ධයෙන් පැවැති වෙළෙඳපොළ ඒකාධිකාරය බිඳ දමා, දිවයින පුරා සුළු පරිමාණ රෙදිපිළි ව්‍යාපාරිකයන්ට මෙන්ම නිමි ඇඳුම් සකස් කරන්නන්ටද ආදායම් ඉපදවිය හැකි ක්‍රමවේදයක් ඇති කිරීමටද මේ හරහා රජයට හැකි වුණා' යැයිද ඇමැති අකිල විරාජ් කාරියවසම් සඳහන් කළේය.

'ජනතාව වෙනුවෙන් රජය වෙන් කරන ප්‍රතිලාභ ක්ෂය වීමකින් තොරව ජනතාව අතටම පත්කළ හැකි සහනාධාර ලබාදීමේ ප්‍රශස්තතම ක්‍රමවේදය ලෙස මේ වනවිට වවුචර් ක්‍රමය ලෝකයේ පිළිගැනීමට ලක්ව තිබෙනවා. නිල ඇඳුම් රෙදි වෙනුවට වවුචර් ලබාදීම ආරම්භ කළදා පටන් ඇතැම් කණ්ඩායම් ඊට එරෙහිව විවිධ පදනම් විරහිත ප්‍රකාශ සිදුකරමින් ජනතාව නොමඟ යැවීමට උත්සාහ දරනවා. මේ වනවිට සමස්ත පාසල් ප්‍රජාව මේ සම්බන්ධයෙන් දැඩි ප්‍රසාදයකින් පසු වනවා' යැයිද අමාත්‍යවරයා තවදුරටත් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon