වී මණ්ඩලයේ අඩු මිල සහල් නොවැම්බරයේ සිට

  👤  2946 readers have read this article !
By mawbima 2018-10-17

නුවන් හෙට්ටිආරච්චි

වී අලෙවි මණ්ඩලය මඟින් 'ර්ථීර්ඕ අඪජඥ' නමැති වෙළෙඳ නාමය යටතේ සහල් සකස් කොට නොවැම්බර් මාසයේ සිට වෙළෙඳපොළට නිකුත් කිරීමට එම මණ්ඩලයේ සභාපති උපාලි මොහොට්ටි මහතාට කෘෂිකර්ම ඇමැතිවරයා උපදෙස් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි. වෙළෙඳපොළේ තිබෙන සහල්වල මිලට වඩා රුපියල් 10ක් පමණ අඩුවෙන් එම සහල් අලෙවි කරන ලෙසත් ඊට සුප්‍රසිද්ධ සහල් සැකසුම් ව්‍යපාරිකයන්ගේ එකඟත්වය ලැබුණු බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

මෙමඟින් සහල් සඳහා පාලන මිලක් පැනවීමට හැකි බවත් ජීවන වියදම් කමිටුව ඒ සඳහා නිර්දේශ සකස් කර අවසන් බවත් පෙන්වා දෙන කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරන්නේ 'ර්ථීර්ඕ අඪජඥ' වෙළෙඳ නාමය යටතේ කිලෝග්‍රෑම් පහ සහ දහය වශයෙන් සහල් ඇසුරුම් නොවැම්බර් මාසයේ සිට සතොස ඇතුළු වෙළෙඳසල් තුළ ඇති බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon