39 වැනි වෙළෙඳ සේවා සත් සාමාජික පාපන්දු තරගාවලියේ පළඟ ශූරතාව එල්.බී.ෆිනෑන්ස්ට

  👤  2941 readers have read this article !
By mawbima 2018-10-17

වෙළෙඳ සේවා පාපන්දු සංගමය විසින් 39 වැනි වරටත් වාර්ෂිකව සංවිධානය කරන ලද වෙළෙඳ සේවා සත් සාමාජික පාපන්දු තරගාවලියේ පළඟ ශූරතාව හිමිකර ගැනීමට එල්.බී.ෆිනෑන්ස් කණ්ඩායම පසුගියදාසමත් විය.

පලඟ අර්ධ අවසන් පූර්ව තරගයේදී එල්.බී.ෆිනෑන්ස් හමුවේ කොමර්ෂල් බැංකුව ගෝල 5-0ක් ලෙස පරාජය වීම කැපී පෙනුණු අතර පළඟ අවසන් මහා තරගයේදී ජෝන් කීල්ස් කණ්ඩායමට එරෙහිව ගෝල 3-1ක ජයක් වාර්තා කරන්නට එල්.බී.ෆිනෑන්ස් කණ්ඩායම සමත් විය. එල්.බී.ෆිනෑන්ස් කණ්ඩායමේ එස්.නිරේෂ් දක්ෂතම ක්‍රීඩකයා ලෙසත් ඒ.එච්.එම්.උස්මන් දක්ෂතම ගෝල රකින්නා ලෙසත් සම්මාන දිනාගත්හ.

කෙසේ වෙතත් මෙවර වෙළෙඳ සේවා සත් සාමාජික පාපන්දු තරගාවලියට වෙළෙඳ සේවා පාපන්දු සංගමයේ සාමාජිකත්වය දරන කණ්ඩායම් 24ක් සහ සාමාජික නොවන කණ්ඩායම් 10ක් සහභාගි වූ අතර මූස් ක්ලෝතින්(ර්ධධඵඥ ඛ්තධබඩඪදඨ) සමාගම ප්‍රධාන අනුග්‍රාහකත්වය දැක්වීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon