ජාත්‍යන්තර පාසල් පාපන්දු තරගාවලිය මහනුවර ගේට්වේ පළමු පිම්ම පනී

  👤  2984 readers have read this article !
By mawbima 2018-10-17

ගේට්වේ ජාත්‍යන්තර පාසල හා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය එක්ව සංවිධානය කරන ජාත්‍යන්තර පාසල් පාපන්දු තරගාවලියේදී පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලට එරෙහිව ගෝල 5-0ක ජයක් වාර්තා කරමින් පළමු ජය සටහන් කරන්නට මහනුවර ගේට්වේ පාසල ඊයේ(16දා) සමත් විය.

රත්මලාන ගේට්වේ පාසල් පරිශ්‍රයේදී පැවැති එම තරගයේදී මහනුවර ගේට්වේ පාසල වෙනුවෙන් එස්.ඉමිතියාස් ගෝල ද්විත්වයක්ද, බී.සතාසිවම්, කේ.රියාස් සහ ඒ.කස්මි ගෝලය බැගින්ද ලබාගත්හ. මේ අතර ඊයේ දිනයේ දෙවැනි තරගය ලෙස රෝයල් ඉන්ස්ටිටියුට් හා කොළඹ ජාත්‍යන්තර පාසල අතර පැවැති තරගයෙන් රෝයල් ඉන්ස්ටිටියුට් කණ්ඩායමට ගෝල 7-2ක දැවැන්ත ජයක් හිමි වීමද කැපී පෙනුණි.

මේ අතර ඊයේ රාත්‍රියේදී අවසන් වූ කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල හා එලිසබත් මෝයර් පාසල අතර පැවැති තරගයෙන් ගෝල 5-0ක පහසු ජයක් හිමිකර ගැනීමට කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල සමත් විය.
අද පැවැත්වෙන තරග

ප.ව. 3.00 පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල - නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල
ප.ව. 4.45 කොළඹ බි්‍රතාන්‍ය පාසල _ මහනුවර ගේට්වේ පාසල
ප.ව 6.30 එලිසබත් මෝයර් පාසල _ වත්තල ලියිසියම් ජාත්‍යන්තර පාසල
ඡායාරූපය-අකිල ජයවර්ධන

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon