ක්‍රීඩා ඇමැතිගේ නියෝගයෙන් ක්‍රිකට් නිලවරණයට පියවර

  👤  3024 readers have read this article !
By mawbima 2018-10-17

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට අවශ්‍ය නිලවරණ කමිටුව පත්කරන ලෙස ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් නිසි බලධාරියා වන කමල් පත්මසිරි මහතාට නියෝග කර ඇතැයි පැවැසේ.

ඒ අනුව ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට අවශ්‍ය සියලු නීතිමය පසුබිම හා ඊට අදාළ සියලුම පියවරයන් මේ වනවිටත් සූදානම් කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් වන අති විශේෂ ගැසට් පත්‍රය මේ වනවිටත් නිකුත් කර ඇතැයිද වාර්තා වන අතර සති කිහිපයක් ඇතුළත නීති ප්‍රතිපාදන සකස් කර නිලවරණයට යෑමේ සූදානමක් පවතින බවද වාර්තා වේ.

තවද නිලවරණය කමිටුව පත්කර ගැනීම සඳහා විශේෂ මහ සභාවක් කැඳවීමට අවශ්‍ය අතිවිශේෂ ගැසට් පත්‍රයද මේ වන විටත් සූදානම් කර ඇති බවද දැනගන්නට ඇත.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon