ගුරු සේවයෙන් පහ කරනු ලැබූ මහින්ද ජයසිංහ දේශපාලන මඩ ව්‍යාපාරයක නිරත වෙනවා

  👤  3031 readers have read this article !
By mawbima 2018-10-17

ජේ.ටී. ද සිල්වා

"ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිතියක් වන ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ විසින් සිදුකළ දූෂණ හා අක්‍රමිකතා රැසක් අනාවරණය වෙමින් ඇති පසුබිමක කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශයද සම්බන්ධ කර ගනිමින් ඉදිරිපත් කර තිබූ කැබිනට් යෝජනාවක් පාදක කර ගනිමින් පදනම් විරහිත චෝදනාවක් ඉදිරිපත් කරමින් සිටිනවා" යැයි අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් සඳහන් කරයි.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපත් කර ඇති අදාළ කැබිනට් යෝජනාවට අනුමැතියක් හිමිවී නොමැති බවත්, සාකච්ඡාවට බඳුන් කොට කැබිනට් මණ්ඩලය හරහා අනුමත කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම සිදු කෙරෙන යෝජනාවක් සම්බන්ධයෙන් බිල්ලන් මවාපාමින් ජනතා අවධානය වෙනතකට යොමු කිරීමට ඔහු උත්සාහ දරන්නේ ඔහුගේ පාලනය යටතේ පැවැති ගුරු ගෙදර හෙවත් සීමාසහිත අධ්‍යාපන සේවා නියුක්තිකයන්ගේ සකසුරුවම් සහ ණය දෙන සමුපකාර සමිතියේ (ඡ්ච්ඛ්ඉ) වංචා දූෂණ රැසක් සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණය වී ඇති පසුබිමක යැයි අමාත්‍යවරයා සඳහන් කරයි.

"මේ පිළිබඳව සමාජයෙන් එල්ලවන බලපෑම යටපත් කර ගැනීම සඳහා කැබිනට් යෝජනාවක් සම්බන්ධ කරුණු ගෙනහැර දක්වමින් මාධ්‍ය සන්දර්ශන සිදු කිරීම ඔවුන්ගේ බංකොලොත්භාවය තවදුරටත් සමාජගත කෙරෙන්නේ" යැයිද ඇමැතිවරයා පෙන්වා දෙයි.

"ගුරු ගෙදර හෙවත් සීමාසහිත අධ්‍යාපන සේවා නියුක්තිකයන්ගේ සකසුරුවම් සහ ණය දෙන සමුපකාර සමිතිය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණයට යටත් ආයතනයක්. සමිතියේ සාමාජිකයන් අතරින් ඡන්ද බලයෙන් එයට නිලධාරීන් පත්කර ගැනෙනවා. එලෙස පත්වූ මහින්ද ජයසිංහ මහතා ප්‍රමුඛ කණ්ඩායම අදාළ සමුපකාර සමිතිය දේශපාලනීකරණයට ලක් කරමින් ඒ තුළ දූෂණ, අක්‍රමිකතා රැසක් සිදුකර ඇති බවට චෝදනා එල්ලවීමත් සමඟ 2011 වසරේදී අධිකරණය විසින් අදාළ නිලධාරි මණ්ඩලයට වාරණ නියෝගයක් සහ අතුරු තහනම් නියෝගයක් ද පනවා තිබෙනවා" යැයි ඇමැතිවරයා සිහිපත් කරයි.

"මහින්ද ජයසිංහ ප්‍රධාන ලේකම් ධුරය දරන ජනතා විමුක්ති පෙරමුණට අයත් ලංකා ගුරු සේවා සංගමය "අපේ කණ්ඩායම" නමින් ඉදිරිපත්ව අදාළ සමිතියෙහි බලය ලබාගෙන තිබෙනවා. එහිදීත් දූෂණ අක්‍රමිකතා සම්බන්ධ චෝදනා රැසක් එල්ල වීම හේතුවෙන් අදාළ නිලධාරි මණ්ඩලයට නැවත වතාවක් මේ වසරේදීත් අතුරු තහනම් නියෝගයක් සහ වාරණයක් පැනවීමට කොළඹ දිසා අධිකරණය පියවර ගෙන තිබෙනවා" යැයිද ඇමැති අකිල විරාජ් කාරියවසම් සඳහන් කරයි.

"කවර හෝ ආකාරයකින් පදනම් විරහිත ලෙස පාසල් ප්‍රජාව නොමඟ යවමින්, තම වෘත්තීය සමිති ජනප්‍රිය කර ගැනීමට උත්සාහ දරන මහින්ද ජයසිංහ, උතුරු මැද පළාත් සභා ප්‍රධාන ලේකම්වරයා විසින් 2010 නොවැම්බර් 09 වැනිදා චෝදනා 11කට වැරැදිකරු බවට පත් කරමින් ගුරු සේවයෙන් පහ කරනු ලැබූ පුද්ගලයකු බවද ඇමැතිවරයා පැවැසීය.

"මෙවැනි තත්ත්වයක් තුළ මේ දක්වා සම්මත වී නොමැති කැබිනට් යෝජනාවක් අෑ¼දා ගනිමින් මහින්ද ජයසිංහ ඇතුළු කණ්ඩායම තම චෝදනාවන් යටපත් කර ගැනීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශයට සහ කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යාංශයට එරෙහිව දේශපාලන මඩ ව්‍යපෘතියක නිරත වන බව අධ්‍යාපන ඇමැතිවරයා පෙන්වා දෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon