පහ ශේ‍ර්ණියේ ශිෂ්‍යත්ව විභාගය දරුවන්ට ඔරොත්තු නොදෙන තරම් පීඩනයක් ඇති කරනවා -අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්

  👤  2964 readers have read this article !
By mawbima 2018-10-17

ජේ.ටී.ද සිල්වා

දුෂ්කර ප්‍රදේශවල පිහිටි පහසුකම් අඩු පාසල්වල දරුවන්ට ශිෂ්‍යාධාර ලබාදීමේ සහ පහසුකම් සපිරි පාසලක අධ්‍යාපනය ලැබීමට ඉඩ ප්‍රස්ථා ලබාදීමේ මූලික අරමුණෙන් ක්‍රියාවට නංවන ලද පස් වැනි ශේ‍ර්ණියේ ශිෂ්‍යත්ව විභාගය මේ වන විට දරුවන්ට ඔරොත්තු නොදෙන තරමේ පීඩනයක් මවුපියන් විසින් ඇතිකරවන විභාගයක් බවට පත් වී ඇතැයි අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් අවධාරණය කරයි.

එම තත්ත්වය වහාම වෙනස් කළ යුතුව ඇතැයි ඇමැතිවරයා සඳහන් කරයි.

"ඉදිරියේදී අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වතුන්, ආචාර්ය, මහාචාර්යවරුන් මෙන්ම අධ්‍යාපන මනෝවිද්‍යාඥයන් සහ අධ්‍යාපනඥයන්ගේ සහාය ලබා ගනිමින් අදාළ ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා" යැයි ඇමැතිවරයා පවසයි.

"සියලු දරුවන්ගේ ළමා කාලය ආරක්ෂා වන අයුරින්, දරුවන්ට තම දක්ෂතා ඉහළ නංවා ගැනීමට පහසුකම් සපිරි පාසල් ලබාගැනීමේ ඉඩ ප්‍රස්ථා වැඩියෙන් සැලසෙන අයුරින් පස් වැනි ශේ‍ර්ණියේ ශිෂ්‍යත්ව විභාගය සංශෝධනය කිරීමට ඉදිරියේදී පියවර ගන්නවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon