හෙරොයින් ළඟ තබාගත් දෙදෙනකුට මරණ දඬුවම

  👤  2944 readers have read this article !
By mawbima 2018-10-17

කේ.එස්. උදයකුමාර්

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 122.68ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු පුද්ගලයන් දෙදෙනකුට කොළඹ මහාධිකරණ, විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් ඊයේ (16දා) මරණීය දණ්ඩනය නියම කරන ලදී.

මිරිහාන ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්.ඒ. අජන්ත සහ අමරසේකරගේ සුපුන් යන විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව මෙම දඬුවම ප්‍රකාශයට පත් කෙරුණි.

2010 වසරේ දෙසැම්බර් මස 09 වැනිදා පොලිසිය විසින් මිරිහාන ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී විත්තිකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබූ අතර ඉන් පසුව හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරන ලදී.

දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විත්තිකරුවන්ට එල්ල කර තිබූ හෙරොයින් මත්කුඩු ජාවාරම් කිරීමේ චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත්ව ඇති හෙයින් එම චෝදනාවෙන් විත්තිකරුවන් නි‍ෙදාස් කොට නිදහස් කරන බව තීන්දු කළේය.

එහෙත් මෙම විත්තිකරුවන් දෙදෙනාට එල්ල කර තිබූ හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීමේ චෝදනාව සාධාරණ සැකයෙන් ඔබ්බට පැමිණිල්ල විසින් ඔප්පු කොට ඇති හෙයින් ඔවුන්ට මරණීය දණ්ඩනය නියම කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon