ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයෙන් අලි රොෂාන් ඇතුළු හත් දෙනකුට සිතාසි නඩුව යළිත් 26 වැනිදා

  👤  2952 readers have read this article !
By mawbima 2018-10-17

කේ.එස්. උදයකුමාර්

බලපත්‍ර නොමැතිව අලි ඇතුන් හතර දෙනකු සන්තකයේ තබා ගැනීම සහ කූට ලේඛන යොදා ගනිමින් අලි ඇතුන් ලියාපදිංචි කළේ යැයි චෝදනා එල්ල වී සිටින සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් හත් දෙනකුට මේ මස 26 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය සිතාසි නිකුත් කර තිබේ.

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ අධිචෝදනා පත්‍ර සලකා බැලූ සම්පත් අබේකෝන් (සභාපති)සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල විසින් සිතාසි නිකුත් කිරීමට නියෝග කර තිබේ.මෙම විත්තිකරුවන් අතර වනජීවී දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය

අධ්‍යක්ෂවරයකු වන උපාලි ධර්මසිරි, එම දෙපාර්තමේන්තුවේ අලි ලියාපදිංචි කිරීමේ ලේඛනය භාරව සිටි ලිපිකාරිනියක වන ප්‍රියංගිකා සංජීවනී ද ඇතුළත්ය.

බලපත්‍ර නොමැතිව අලි ඇතුන් හතර දෙනකු සන්තකයේ තබාගැනීම, ඔවුන් කූට ලෙස ලියාපදිංචි කිරීම සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් වනසත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත සහ පොදු දේපළ පනත යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා 24ක් ගොනු කරමින් මෙම නඩුව පවරා තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon