අපි එජාප ආණ්ඩුවක් හැදිය යුතුයි

  👤  3089 readers have read this article !
By mawbima 2018-10-17

මේ සභාග ආණ්ඩු යෝජනාවේ තියෙන්නේ මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමාගේ සහ නාමල් රාජපක්‍ෂ මන්ත්‍රිතුමාගේ අනාගත දේශපාලන බලාපොරොත්තු සඵල කරගන්න කරන වැඩපිළිවෙළක්. ඒ වගේම ශ්‍රී ල.නි.ප.යේ ඉදිරි ජනාධිපතිවරණයෙන් ගෙදර යන ඒ කියන නායකයන් අනාගත ආරක්‍ෂාව හා සුරක්‍ෂිතභාවයේ තියෙන කොන්දේසි තමයි මේ සභාග ආණ්ඩු යෝජනාවේ තියෙන්නේ.

බදුල්ල දිස්ත්‍රික් එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි පැවැසීය. මේ අදහස් පළ කළේ බණ්ඩාරවෙල පැවැති ගම්පෙරළිය වැඩසටහනකට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා මෙසේද කීය.

වැටුණු ආර්ථිකය ගොඩගන්න පුළුවන් මට්ටමකයි තියෙන්නේ. අපි මේ වෑයම් කරමින් ඉන්නේ ඒ සඳහායි. ඒ සඳහා අපි සහයෝගය ඉල්ලනවා. මේ ආණ්ඩුව තුළ හිඳිමින් පසුගිය අවුරුදු තුන තුළ ශ්‍රී ල.නි.ප.යේ 16 කල්ලිය ආණ්ඩුව විනාශ කළා. ඒ වගේම අපි ඉල්ලීමක් කරනවා කවුරුන් හෝ ඉන්නවා නම් සභාග ආණ්ඩු සිහිනය තුළ නැවත මේ ආණ්ඩුව අකර්මණ්‍ය කරන්න. ඒ දේ කරන්න හදන්න එපා. මේ ආණ්ඩුව වට්ටන්න හදන්න එපා. විශේෂයෙන්ම මේ පිළිබඳව ජනාධිපතිතුමා සහ අගමැතිතුමා සොයා බලලා ක්‍රියාකළ යුතුයි. මොකද අපි බොහෝම අමාරුවෙන් ගමක ඉඳලා දේශපාලනය කරලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා රටේ ජනතාවත් එක්ක ගැටෙන මන්ත්‍රිවරුන් හැටියට අපිටත් දුකක් වේදනාවක් කනගාටුවක් තියෙනවා මේ වන දේවල් සම්බන්ධව.

මොකද අපි කැපකිරීම් කරලා මහන්සි වෙලා ඉඳලා අපි වෙනුවෙන් පෙනී හිටපු රටේ ජනතාවට අද අපිට යමක් කරගන්න බැරි නම් අපි යමක් කරලා දීලා නැත්නම් විශේෂයෙන්ම මේ ජාතික ආණ්ඩු තිබීම පිළිබඳව අපිත් කනගාටු වෙනවා. ඒ නිසා අපි බලන්න ඕනි එ.ජා.ප.යේ තනි ආණ්ඩුවක් හදන්න.

අපිට 107ක ප්‍රමාණයක් තිබෙනවා. ඒ වගේම වෙනත් බලවේගත් අපිට තියෙනවා. ශ්‍රී ල.නි.ප.යේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කණ්ඩායම් එක්ක එකතු වෙලා අපිට පුළුවන් ඉතා ඉක්මනින් 113 නිර්මාණය කරලා ශක්තිමත් තනි ආණ්ඩුවකට යන්න. අපි අභියෝග කරනවා පුළුවන් නම් ඔය සභාග ආණ්ඩු හදලා පෙන්නන්න. අපිත් බලාගෙන ඉන්නවා.

දෙමෝදර -
ජයලත් දිසානායක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon