වරලත් ගණකාධිකාරී වෘත්තීය සුදුසුකම ග්‍රාමීය සිසුන්ටත් දීමට කටයුතු කරන්න -ඇමැති රිෂාඩ් බදියුදීන් ආණ්ඩුවෙන් ඉල්ලයි

  👤  2982 readers have read this article !
By mawbima 2018-10-17

ලක්ෂ්මී ජයකොඩි

වරලත් ගණකාධිකාරී වෘත්තීය සුදුසුකම් ග්‍රාමීය සිසුන්ටත් ලබාදිය හැකි වැඩපිළිවෙළක් සකස් කරන මෙන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටී. අමාත්‍යවරයා මෙම ඉල්ලීම කරනු ලැබුවේ පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.

මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය අපේ රටේ අග්‍රගණ්‍ය හා විශාලතම වෘත්තීය ආයතනය වන බවත්, දැනට ඔවුන් වරලත් ගණකාධිකාරීවරුන් 6,000කට වැඩි පිරිසක් බිහිකර ඇති බවත්ය.

අප රටේ විශ්ව විද්‍යාල පද්ධතියෙන් පිටත පිහිටි විශාලතම හා ප්‍රමුඛතම ගණකාධිකරණ විශේෂඥයන් බිහිකරන ආයතනය ලෙස කීර්තියක් හිමිකරගෙන සිටින ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය, ගෙවී ගිය කාලය තුළ කරන ලද මෙහෙවර ගැන අපට සතුටු වීමට පුළුවන්. මෙම ආයතනය ගණකාධිකරණය හා මූල්‍ය අංශයේ වෘත්තිකයන් හට ශ්‍රී ලංකාවේ හා විදේශයන්හි ආයතන සඳහා සේවා සැපයීම සඳහා අවශ්‍ය වන පරිණත අධ්‍යාපනයක් මෙන්ම නායකත්වයක්ද ලබා දෙනවා. එසේම මෙම ආයතනය පසුගියදා හඳුනානොගත් ව්‍යාපාර සඳහා විගණන ප්‍රමිතීන් හඳුන්වාදීමටත් පියවර ගනු ලැබුවා.

මේ ආකාරයට සුවිශේෂී මෙහෙවරක යෙදෙන මෙම ආයතනයට අනාගතයේදී අප රටේ යහපත් විගණන කාර්යයන් පවත්වාගෙන යෑම ස¼දහා අවශ්‍ය පසුබිම අප මේ වන විටත් සකස් කරලා දීලා තියෙනවා.

මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ රංජිත් අසෝක, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ සභාපති ජගත් පෙරේරා, උප සභාපති මනිල් ජයසිංහ, ලේකම් ප්‍රසන්න ලියනගේ යන මහත්වරුද සහභාගි වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon