දෙබර ප්‍රහාරයකින් කුඩා දරුවකු සහ 68 හැවිරිදි කතක් මරුට

  👤  1401 readers have read this article !
By mawbima 2018-10-16

දෙණියාය - ප්‍රියංක ගමගේ

දෙණියාය කිරිවැල්‍ෙදාළ හිඟුරුහේන ප්‍රදේශයේ නිවෙසක වහලයේ බැඳ තිබූ දෙබර කූඩුවක් ඇවිස්සී දෙබරු ඇනීම හේතුවෙන් එම නිවෙසේ සිටි වයස අවුරුදු දෙකක කුඩා දරුවකු සහ එම දරුවාගේ මිත්තණිය මියගිය බව පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ ඉදූෂ කාරින්ද නමැති හිඟුරුහේන, කිරිවැල්‍ෙදාළේ පදිංචිව සිටි කුඩා දරුවකු සහ 68 හැවිරිදි ඕකේවල, වලස්මුල්ලේ පදිංචිව සිටි කරුණාවතී වන්නියාරච්චි නමැති දෙදරු මවකි.

දෙබර කූඩුව ඇවිස්සෙන අවස්ථාවේදී නිවෙසේ කුඩා දරුවාගේ මවුපියන් සිට නොමැති අතර නිවෙසේ සිට ඇත්තේ කුඩා දරුවා සහ දැරියගේ මිත්තණිය බව දැරියගේ මවුපියන් පවසයි.

දෙබරුන් කුඩා දරුවාට සහ වයස්ගත කාන්තාවට වටකර දෂ්ට කරන ආකාරය දුටු අසල්වාසී තරුණයකු සහ ඔවුන්ගේ ඥාතීන් ඔවුන් දෙදෙනා ත්‍රිරෝද රථයකින් දෙණියාය මූලික රෝහලට රැගෙන යන අතරතුර ත්‍රිරෝද රථයේ කාර්මික දෝෂයක් ඇති වීම හේතුවෙන් පසුව ඔවුන් 1990 සුවසැරිය ගිලන්රථ සේවයෙන් දෙණියාය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් කුඩා දරුවා මියගොස් තිබූ බවත් දරුවාගේ මිත්තණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මියගිය දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය දෙණියාය මූලික රෝහලේදී සිදුකිරීමට නියමිතව තිබූ අතර මිත්තණියගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර ඇති අතර බිලි¼දාගේ දේහය දැනට මාතර මූලික රෝහලේ තැන්පත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් දෙණියාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon