විදෙස් පෙම්වතා මරා පෙම්වතිය දූෂණය කිරීමේ නඩුව තංගල්ල හිටපු ප්‍රා. සභාපතිට දී ඇති 20 වසරක සිරදඬුවම වෙනුවට මරණ දඬුවම දෙන්නැයි ඉල්ලූ පෙත්සම විභාගයට

  👤  1377 readers have read this article !
By mawbima 2018-10-16

කමල් මහේන්ද්‍ර වීරරත්න

බි්‍රතාන්‍ය ජාතික පෙම්වතා මරා දමා රුසියානු ජාතික පෙම්වතිය දූෂණය කළේ යැයි වරදකරු වූ තංගල්ල හිටපු ප්‍රාදේශීය සභා සභාපති සම්පත් විදානපතිරණ නමැත්තාට නියම කරන ලද 20 අවුරුදු සිරදඬුවම ප්‍රමාණවත් නොවන බැවින් ඔහුට මරණීය දණ්ඩනය නියම කරන්නැයි ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනු කළ විශේෂ අභියාචනා පෙත්සම විභාග කිරීම සඳහා අභියාචනාධිකරණය ඊයේ (15දා) දින නියම කළේය.

2019 මාර්තු 01 වැනි දින එම නඩු විභාගය ආරම්භ කිරීමට තීන්දු කරන ලද්දේ අභියාචනාධිකරණයේ එස්. තුරෙයිරාජා සහ ශිරාන් ගුණරත්න යන ද්විපුද්ගල විනිශ්චය මණ්ඩලය විසිනි.

බි්‍රතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් නමැති විදේශිකයා ශ්‍රී ලංකාවට පැමිණ තම රුසියානු ජාතික පෙම්වතිය සමඟ තංගල්ලේ සංචාරක හෝටලයක 2011 දෙසැම්බර් 24 දින රාත්‍රියේ පැවැති නත්තල් සාදයකට සහභාගි වී සිටියදී ඔහුට පහරදී මරා දමා ඔහුගේ පෙම්වතිය දූෂණය කරන ලදැයි කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය හමුවේ විභාග වූ නඩුවේදී වරදකරුවන් බවට පත්වූ තංගල්ල ප්‍රාදේශීය සභාවේ එවකට සභාපතිව සිටි සම්පත් විදානපතිරණ ඇතුළු 05 දෙනා හට වසර 20 බැඟින් වූ බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම විය.

එම දඬුවමට එරෙහිව එකී විත්කිකරුවන් (වරදකරුවන් වූ) විසින් අභියාචනාධිකරණය හමුවේ අභියාචනා ගොනු කරන ලද අතර නීතිපතිවරයා විසින්ද විශේෂ අභියාචනයක් ගොනු කරමින් ඉල්ලා සිටියේ මෙම වරදකරුවන් හට නියම කොට ඇති සිරදඬුවම සම්බන්ධයෙන් සෑහීමකට පත් විය නොහැකි බවත් ඔවුන් හට මරණ දඬුවම නියම කරන ලෙසත්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon