උදය කාලයේ දුම්රිය ප්‍රමාද වීම හා කාර්මික දෝෂවලට ලක්වීමෙන් මගීන්ට දැඩි දුෂ්කරතා

  👤  1385 readers have read this article !
By mawbima 2018-10-16

උපතිස්ස පෙරේරා

දැනට මාසයක පමණ කාලයක සිට බොහෝ කාර්යාල දුම්රියයන් උදය කාලයේ පැය භාගයත් පැයත් අතර කාලයක් ප්‍රමාද වී කොළඹ කොටුවට පැමිණීම, කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රියයන් නිරතුරුවම කාර්මික දෝෂයන්ට ලක්වීම, ඇතැම් කාර්යාල දුම්රියයන හිටි හැටියේ අවලංගු කිරීම ඇතුළු විවිධ හේතූන් නිසා කොළඹ හා තදාසන්න ප්‍රදේශවල රැකියාවල නියුතු රජයේ හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු ලක්ෂ සංඛ්‍යාත මගී පිරිසක් බලවත් පීඩාවකට පත්ව සිටිති.

මේ තත්ත්වය හේතුවෙන් එම සේවක සේවිකාවන්ට නියමිත වෙලාවට වඩා පැයක් හමාරක් ප්‍රමාද වී සේවයට වාර්තා කිරීමට සිදුවීමෙන් දින භාගයක නිවාඩු, කෙටි නිවාඩු ලබාගැනීමටත්, මාසික වැටුපෙන් සැලකිය යුතු මුදලක් කපා හැරීමෙන් මාසික වියදම් පියවා ගැනීමට නොහැකිවීමේ දුෂ්කරතාවලට මුහුණදීමටත් සිදුව ඇති බවද ඔවුහු මැසිවිලි නඟති.

මේ අතර මෙම දුම්රිය ප්‍රමාදයන් නිසා රජයේ හා පෞද්ගලික අංශයේ සේවා ආයතනවල දෛනික කටයුතුවලටද බරපතළ බාධා එල්ල වී ඇතැයිද අනාවරණය වෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon