යාපනයේදී යතුරුපැදි කල්ලියක් තරුණයකුට පහරදෙද්දී බේරන්න ගිය මවට පහර වැදී මියයයි

  👤  1395 readers have read this article !
By mawbima 2018-10-16

මුලතිව් - ශෂිකුමාර්

යාපනය කෝපායි උෟරලු ප්‍රදේශයේදී යතුරුපැදි කල්ලියකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් කාන්තාවක් රාත්‍රියේ මියගොස් ඇති බවට කෝපායි පොලිසිය කියයි.

උෟරලු බටහිර ප්‍රදේශයේදී යතුරුපැදි හතරකින් 08 දෙනකුගෙන් යුත් පිරිසක් මාර්ගයක යමින් සිටියදී මාර්ගයේ ගමන් කරමින් සිටි තවත් තරුණයකු සමඟ බහින්බස්වීමක් ඇතිව තිබෙන අතර බහින්බස්වීම දුරදිග ගොස් එය ආරවුලක් බවට පත් වී ඇත.

පසුව යතුරුපැදිවලින් පැමිණි තරුණයන් පොලු මුගුරුවලින් එම තරුණයාට පහරදීම සිදුකළ අවස්ථාවේදී පහරකෑමට ලක් වූ තරුණයාගේ මව එම ස්ථානයට දිව විත් පහරදීම වැළැක්වීමට පියවර ගෙන ඇත. එම අවස්ථාවේදී එක් තරුණයකුගේ පොලු පහරක් මවගේ හිස ප්‍රදේශයට වැදීමෙන් බරපතළ තුවාල ලැබීමත් සමඟ පහරදුන් තරුණයන් පලාගොස් ඇති අතර තුවාල වූ කාන්තාව රෝහල්ගත කිරීමෙන් පසුව මියගොස් ඇති බවට කෝපායි පොලිසිය කියා සිටියේය.

පහරදීමෙන් මියගොස් ඇත්තේ 58 හැවිරිදි උෟරලු බටහිර ප්‍රදේශයේ පදිංචි චන්ද්‍රරාජා විජේකුමාරි නමැති කාන්තාවකි. පහරදීම සිදුකළ පිරිස් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණයක් අරඹා ඇති බවටද කෝපායි පොලිසිය කියා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon