නව අගවිනිසුරු පිළිගැනීමට 22 වැනිදා උත්සව දෙකක්

  👤  1399 readers have read this article !
By mawbima 2018-10-16

කුමුදු උපුල් ශාන්ත

මෙරට 46 වැනි අගවිනිසුරුවරයා ලෙස පත් කෙරුණු නලින් පෙරේරා මහතා පිළිගැනීමේ උත්සව දෙකක් මෙම 22 දින පෙරවරුවේ හා පස්වරුවේ ශේ‍ර්ෂ්ඨාධිකරණ ප්‍රධාන ශාලාවේදී හා කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී පැවැත්වේ.

එදින පෙරවරුවේ ශේ‍ර්ෂ්ඨාධිකරණ ප්‍රධාන ශාලාවේදී පැවැත්වෙන පිළිගැනීමේ උත්සවය සඳහා ශේ්‍රෂ්ඨාධිකරණ, අභියාචනාධිකරණ විනිසුරුවරුන් මෙන්ම කොළඹ ප්‍රදේශයේ මහාධිකරණ, දිසා අධිකරණ, මහෙස්ත්‍රාත් අධිකරණ, විනිසුරුවරුන්ද නීතිපති දෙපාර්තමේන්තුවේ හා නීතිඥ සංගමයේ සාමාජිකයන් පිරිසක්ද සහභාගිවීමට නියමිතය.

එදින පස්වරුවේ පැවැත්වෙන ඒ මහතා පිළිගැනීමේ උත්සවය ශ්‍රී ලංකා නීතිඥ සංගමය මඟින් සංවිධානය කර ඇති අතර එම උත්සවය එදින පස්වරු 7.00ට කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී පැවැත්වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon