ජාතික පාසල් 302ක විදුහල්පති පුරප්පාඩු පිරවීමේ සම්මුඛ පරීක්‍ෂණ අද ඇරැඹේ

  👤  1385 readers have read this article !
By mawbima 2018-10-16

ජේ.ටී. ද සිල්වා

දිවයිනේ ජාතික පාසල් 302ක පවතින විදුහල්පති පුරප්පාඩු වහාම පිරවීම සඳහා අදාළ සම්මුඛ පරීක්‍ෂණ අද (16දා) සිට ආරම්භ කෙරේ.

අද සිට නොවැම්බර් 10 වැනිදා තෙක් අධ්‍යාපන අමාත්‍යාංශයේදී අදාළ සම්මුඛ පරීක්‍ෂණ පවත්වනු ලබයි.

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් ලබාදී ඇති උපදෙස් අනුව මෙම සම්මුඛ පරීක්‍ෂණවලින් සමත්වන විදුහල්පතිවරු 2018 වසර අවසානයට පෙර, ජාතික පාසල්වල අදාළ පුරප්පාඩු සඳහා ස්ථානගත කරනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ජේ‍යෂ්ඨ නිලධාරියෙක් 'මව්බිම'ට පැවැසීය.

පසුගිය කාලය මුළුල්ලේ නිසි පරිදි පුරප්පාඩු සම්පූර්ණ නොකිරීම හේතුවෙන්, ජාතික පාසල් රැසක සුදුසුකම් සහිත විදුහල්පති පුරප්පාඩු නිර්මාණය වී තිබිණි.

මේ අතර ඇතැම් විදුහල්පතිවරුන් දීර්ඝ කාලයක් තිස්සේ එකම පාසලක සේවය කර ඇති බවද අනාවරණය වී ඇත. ඒ අනුව ජාතික පාසල්වල පරිපාලනය හා කළමනාකරණය විධිමත් කිරීම පිණිස සුදුසුකම්ලත් ශේ්‍රණිධාරී විදුහල්පතිවරුන් පත් කිරීම කඩිනම් අවශ්‍යතාවක් ලෙස හඳුනා ගනිමින් පාසල් 302ක විදුහල්පති පුරප්පාඩු සම්පූර්ණ කිරීමටත්, වසර අටකට වැඩි කාලයක් එකම ජාතික පාසලේ සේවය කළ විදුහල්පතිවරුන් වෙනත් පාසල් සඳහා මාරු කිරීමටත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියද සහිතව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon