සියලුම බන්ධනාගාරවලට ජෑමර් යන්ත්‍ර සවිකිරීමට යයි

  👤  1407 readers have read this article !
By mawbima 2018-10-16

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

සියලුම බන්ධනාගාරවල සිරමැදිරි ආවරණය වන පරිදි ජෑමර් (දුරකථන සංඥා අක්‍රිය කිරීමේ යන්ත්‍ර) සවිකිරීමට තීරණය කර තිබෙන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ අධීක්‍ෂණ පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි මහතා 'මව්බිම'ට ප්‍රකාශ කළේය.

ජෑමර් යන්ත්‍ර ඇතුළු ඊට අදාළ සියලුම නවීන පන්නයේ උපාංග මිලදී ගැනීම සඳහා මුදල් වෙන් කිරීම හා ඊට අදාළ කටයුතු පිළිබඳ වගකිවයුතු අංශ හා බලධාරීන් සාකච්ඡා කරමින් සිටින බවද මන්ත්‍රිවරයා පැවැසීය.

බන්ධනාගාරගතව සිටින මහ පරිමාණ අපරාධකරුවන් සහ ජාවාරම්කරුවන් බන්ධනාගාර තුළ සිට පාතාලයත් මත් කුඩු ජාවාරම්කරුවනුත් මෙහෙයවන බවටත්, මේ සඳහා ඔවුන් සූක්‍ෂ්ම ලෙස ජංගම දුරකථන භාවිත කරන බවටත් තොරතුරු ලැබී තිබෙන බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.

බන්ධනාගාර තුළට ජංගම දුරකථන සහ සිම්කාඩ් පත් රැගෙන යන්නේ කෙසේද කියා සෙවීමට විශේෂ පරීක්‍ෂණයක් සිදු කරන බවත් ඊට අමතරව බන්ධනාගාර සිරමැදිරිවලට බලපාන ආකාරයෙන් මෙම ජෑමර් සවිකිරීමට ක්‍රියා කරන බවත් වැඩිදුරටත් අදහස් දක්වූ හෙට්ටිආරච්චි මන්ත්‍රිවරයා ප්‍රකාශ කෙළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon