රවි ජනපති හමුවෙයි

  👤  1423 readers have read this article !
By mawbima 2018-10-16

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු මුදල් හා හිටපු විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා අතර හමුවක් සිදුවී තිබෙන බව වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේදී මෙම හමුව සිදුවී තිබෙන්නේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දෙවැනි මහලේ පිහිටි ජනාධිපති කාර්යාලයේදීය.

වත්මන් දේශපාලන තත්ත්වයට අමතරව එක්සත් ජාතික පක්‍ෂයේ ඇතැම් ප්‍රබලයන් තමාගේ දේශපාලන කටයුතුවලට සිදු කරන බාධාවන් පිළිබඳව රවි කරුණානායක මහතා ජනාධිපතිවරයා දැනුවත් කර තිබෙන බවද දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

රවි කරුණානායක මහතාට යළි කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාදිය යුතු බවට එක්සත් ජාතික පක්‍ෂය තුළ සාකච්ඡාවක් පැවැති අතර එක්සත් ජාතික පක්‍ෂයේ කැබිනට් ඇමැතිවරයකු මෙන්ම පක්‍ෂයේ ප්‍රබල තනතුරක් දරන පුද්ගලයකු ඊට දැඩි විරෝධය පළකර තිබෙන බවද දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

රවි කරුණානායක මහතාට යළි කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ යම් එකඟතාවක් තිබුණද එක්සත් ජාතික පක්‍ෂයේ මෙම ප්‍රබලයා ඊට එරෙහිව දැඩිසේ විරෝධය පළකර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon