ජනපති - ගෝඨාභය ඝාතන කුමන්ත්‍රණය දුරකථන සංවාදවල කොටස් විනාශ වී ඇත්දැයි සෙවීමට විදේශ සහාය ලබාගන්න CIDයෙන් යෝජනාවක්

  👤  1386 readers have read this article !
By mawbima 2018-10-16

චාමර අමරසූරිය

ජනාධිපති සහ හිටපු ආරක්‍ෂක ලේකම් ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කළේ යැයි පැවසෙන සිද්ධියට අදාළ දුරකථන සංවාදවල ඇතැම් කොටස් විනාශ වී ඇත්දැයි සෙවීම සඳහා ජාත්‍යන්තරයේ සහාය ලබා ගැනීමට රහස් පොලිසිය යෝජනා කර ඇතැයි සඳහන් වේ.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්‍ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සහ දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතා අතර ඇති වන එම දුරකථන සංවාදවල කොටස් ඒ අනුව විදෙස් රටකට යැවීමටද යෝජනා වී ඇතැයි ආරංචි මාර්ගයන් සඳහන් කරයි.

එහෙත් විදෙස් රට කුමක්දැයි යන්න තවමත් රහස් පොලිසිය විසින් තීරණය කර නැති බවද එම ආරංචි මාර්ගයන් කියා සිටී.

මීට අදාළ තාක්‍ෂණය මෙරට තුළ නොමැතිවීම හේතුවෙන් රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව සමඟ කළ සාකච්ඡාවලින් පසු මෙම යෝජනාවට රහස් පොලිස් නිලධාරීන් එළැඹ ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon