අයි.ඕ.සී. සහ සිපෙට්කෝ ආයතනවල ඩීසල් මිල ගණන් දෙකක් නිසා අයි.ඕ.සී. පිරවුම්හල් වැසී යෑමේ තර්ජනයක්

  👤  1416 readers have read this article !
By mawbima 2018-10-16

මහනුවර - ගයා ශ්‍රී කාරියවසම්

මෙරට අයි.ඕ.සී. සමාගම සහ සිපෙට්කෝ ආයතනය එකම ඩීසල් වර්ගයක මිල ගණන් දෙකකට අලෙවි කිරීම නිසා අයි.ඕ.සී. සමාගමේ ඉන්ධන පිරවුම්හලච් වැසී යෑමේ තත්ත්වයක් උදාවී ඇති බවත් එම නිසා ඉන්ධන අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස ගැසට් කර එය පාරිභෝගික සේවා අධිකාරිය යටතට ගෙන පාලනය කරන ලෙස රජයට බල කර සිටින බවත් රට පුරා අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල් බෙදුම්කරුවෝ පවසති.

මෙරට ඉන්ධන සඳහා උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට ලංකා අයි.ඕ.සී. නියෝජිත සංගමයේ රට පුරා සිටින නියෝජිතයන්ගේ සාකච්ඡාවක් ඊයේ (14දා) මහනුවර මහවැලි රිච් හෝටලයේදී පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉන්ධන බෙදුම්කරුවකු වන සුදන්ත කෝසල විදානගමගේ මහතා මෙසේ පැවැසීය.

අප අයි.ඕ.සී. සමාගමේ ඩීසල්වලට පාරිභෝගිකයන්ගෙන් රුපියල් හයක් වැඩිපුර අය කරන නිසා පාරිභෝගිකයන් අපේ තෙල් පිරවුම්හල්වලට එන්නේ නැහැ. ඒ නිසා අපේ ව්‍යාපාර කඩා වැටී තිබෙනවා. ඒ වගේම අපෙන් පාරිභෝගිකයාට සාධාරණයක් ඉටු වන්නේ නැහැ. ඒ නිසා ඉන්ධන අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස නම් කර පාරිභෝගික සේවා අධිකාරිය යටතට ගෙන ඉදිරි කටයුතු කරන්න කියා අප රජයෙන් ඉල්ලා සිටිනවා.

2003 වසරේ අයි.ඕ.සී. සමාගම මෙරටට පැමිණ සිපෙට්කෝ සමාගමත් සමඟ ඇතිකරගත් මුල් ගිවිසුම අනුව මිල නියාමනය කිරීමේ සම්පූර්ණ අයිතිය සිපෙට්කෝ ආයතනය විසින් දරා තිබෙනවා. ඒ තුළ අයි.ඕ.සී. සමාගමට යම් පාඩුවක් සිදුවනවා නම් එය ඒ සමාගමට ලබා දෙන පොරොන්දුව මතයි මේ ගිවිසුම ඇතිකරගෙන තිබෙන්නේ. නමුත් 2007 වන විට ඒ අය බිලියන දහයකට වඩා පාඩුවක් ලැබූ බව අයි.ඕ.සී. සමාගම පැවැසූ නිසා රජය විසින් ඒ මුදල පියවා ගැනීමට මිල නියාමනය කිරීමේ අයිතිය අයි.ඕ.සී. ආයතනය සහ සිපෙට්කෝ ආයතනය වෙත වෙනම දරා තිබෙනවා.

ඒ නිසා ඒ අය ඒ අයට අවශ්‍ය ආකාරයට මිල පාලනය කරනවා. මේ හේතුවෙන් අපේ ව්‍යාපාර අනතුරුදායක තත්ත්වයට පත්ව තිබෙනවා. මිල නියාමනය අයි.ඕ.සී. සමාගම දැරීමත්. අපේ තෙල් මිල වැඩි නිසාත් මේ වන විට පාරිභෝගිකයන් අපේ තෙල් පිරවුම්හල්වලට එන්නේ නැහැ. ඒ තුළ අපේ ව්‍යාපාර විශාල ලෙස කඩා වැටිලා. බැංකුවලින් බැංකු අයිරාවන් හෝ ලීසිං අපට දෙන්නේ නැහැ. ඒ නිසා අපේ ව්‍යාපාර දිනෙන් දින කඩා වැටෙනවා.

අපි අයි.ඕ.සී. ඩීසල් රුපියල් එකසිය විසි නවයට පාරිභෝගිකයාට දෙන්නේ සිපෙට්කෝ ආයතනයට වඩා රුපියල් හයක් වැඩියෙන්. නමුත් මේ ඉන්ධන මිල සූත්‍රය අප දන්නේ නැහැ. මිල සූත්‍රය මඟින් අයි.ඕ.සී. සමාගම හිතු මතේට තෙල් වැඩි කරනවා. ඉන් බෙදුම්කරුවන් යන අප සහ පාරිභෝගිකයන් දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා. අප මීට පෙර දිනකට ඩීසල් ලීටර් ‍ෙදාළොස් දහසක් පමණ විකුණා තිබෙනවා. නමුත් දැන් අපට ඩීසල් ලීටර් 2000ක් වත් විකුණාගන්න බැහැ. දැන් අපට සේවකයන්ට පඩිනඩි පවා දෙන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා මෙයට කඩිනමින් විසඳුමක් දෙන්න කියා අප ඉල්ලා සිටිනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon