23දා විරෝධයට ඒකාබද්ධය ගාවා ගන්නේ නෑ

  👤  3016 readers have read this article !
By mawbima 2018-10-16

අනුරාධා හේරත්

ජවිපෙ මේ මස 23දා පවත්වන දැවැන්ත විරෝධතාවට ඒකාබද්ධ විපක්ෂයේ මනුස්ස පුලුටක්වත් ඊට සහභාගි කර නොගන්නා බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

එම විරෝධතාව පවත්වන්නේ කොතැනකද යන්න පොලිසිය හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කලින් දැනගත යුතු නැති හෙයින් 22 දින අවශ්‍ය නම් එය ප්‍රකාශයට පත් කළ හැකි බව ලාල්කාන්ත මහතා කීය.

ඔහු පැවැසුවේ විරෝධතාව පවත්වන ස්ථානය පිළිබඳව ඊට සහභාගි වන සියලු දෙනා දැනුවත්ව සිටින අතර ආණ්ඩු විරෝධී යැයි පවසාගන්නා ඒකාබද්ධ විපක්ෂය හෝ එවැනි විරෝධතා 'ගොන් පාට්' කිසිවකු ජවිපෙ උද්ඝෝෂණයට සහභාගි කර නොගන්නේ යැයි ස්ථිර යැයිද ඔහු කීය.

ඒ අනුව එදිනට සැබෑ ආණ්ඩු විරෝධී සියලු ජනයා තම විරෝධය ප්‍රකාශ කිරීමට කොළඹට පැමිණෙන්නැයිද ඒ මහතා ආරාධනා කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon