DIG නාලක අද CID යට

  👤  2967 readers have read this article !
By mawbima 2018-10-16

චාමර අමරසූරිය

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්‍ෂ, නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට අද (16දා) දින රහස් පොලිසිය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබේ.

නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනට පදිංචිව සිටින ඔහුගේ නිල නිවාසය අයත් වන කුරුඳුවත්ත පොලිසිය හරහා එම කැඳවීම දැනුම් දී ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති සහ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණ කළා යැයි චෝදනා එල්ල වන නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා රහස් පොලිසියට කැඳවූ ප්‍රථම අවස්ථාව මෙය වෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon