තෙබුවන සැරයන්ට මුහුණු පොතෙන් ලක්ෂ 3ක්

  👤  3377 readers have read this article !
By mawbima 2018-10-16

ආරියරත්න ගනේගොඩ

පසුගිය දිනවල දැඩිව කතාබහට ලක්වූ තෙබුවන පොලිස් සැරයන් සනත් ගුණවර්ධනට ෆේස්බුක් වෙබ් අඩවි පිරිසක් වැටුප් ගෙවීමට එක්වී සිටිති.

තමන් විසින් අත්අඩංගුවට ගත් වැලි ලොරියක් මුදා හැරීමට විරුද්ධව සටනක් දියත් කළ සැරයන් සනත් ගුණවර්ධන රාජකාරි ගිනි අවියද රැගෙන නගරයට පැමිණ ඉහළ පොලිස් නිලධාරීන්ට විරෝධය දැක්වීම නිසා ඔහු අත්අඩංගුවට පත්විය. පසුව වැඩ තහනමට ලක්විය. එම සිදුවීමෙන් අනතුරුව අසරණ වූ තත්ත්වයට පත්වූ සැරයන් සනත් ගුණවර්ධන මහතාට වැටුප් ගෙවීමට 'ෆේස්බුක්' වෙබ් අඩවියේ පිරිසක් එක්ව සිටිති. එම පිරිස විසින් සැරයන් ගුණවර්ධනට ලබාදීමට මුදල් එකතු කිරීමට බැංකු ගිණුමක්ද ආරම්භ කර ඇත.

ඉන් පසුව එම ගිණුමට එක්වූ රුපියල් තුන් ලක්ෂ විසිපන් දහසක මුදලක් සැරයන්වරයාගේ නිවෙසටම ගොස් පරිත්‍යාග කිරීමට එම පිරිස කටයුතු කර ඇති බවද පැවැසේ. ෆේස්බුක් සමාජශාලා ක්‍රියාකාරික නිමල් එදිරිසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම සද්ක්‍රියාවට දායක වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon