ජාත්‍යන්තර පාසල් පාපන්දු තරගාවලිය ලයිසියම් සමඟ බි්‍රතාන්‍ය පාසල කරට-කර සටනක

  👤  2949 readers have read this article !
By mawbima 2018-10-16

පාපන්දු ක්‍රීඩාව මෙරට පාසල් පද්ධතිය තුළ ජනප්‍රිය කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර පාසල් සමූහයක් වන ගේට්වේ ජාත්‍යන්තර පාසල සහ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ එකමුතුවෙන් සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර පාසල් වයස අවුරුදු 20න් පහළ පාපන්දු තරගාවලිය ඊයේ(15දා) ආරම්භ විය. තරගාවලියේ සමාරම්භක තරගය ලෙස නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල හා කොළඹ බි්‍රතාන්‍ය පාසල අතර පැවැති තරගය ගෝල 2-2ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමාවට පත්වීම කැපී පෙනුණි.

එහිදී ලයිසියම් පාසල වෙනුවෙන් කවිඳු ජයසේකර 19 වැනි මිනිත්තුවේදීද, සායිඩ් යූසුෆ් 24 වැනි මිනිත්තුවේදීද ගෝල වාර්තා කීරීමට සමත් වූ අතර 31 වැනි මිනිත්තුවේදී ජූඩ් පීටර් සහ 39 වැනි මිනිත්තුවේදී හයාකි රාමනායක බි්‍රතාන්‍ය පාසල වෙනුවෙන් ගෝල වාර්තා කළහ.

කෙසේ වෙතත් ගේට්වේ පාසල, පාපන්දු සම්මේලනය හා එක්ව මෙවැනි තරගාවලියක් සංවිධානය කරන පළමු අවස්ථාව මෙය වන අතර මෙම තරගාවලියට ජාත්‍යන්තර පාසල් පාපන්දු කණ්ඩායම් 12ක් සභගාගි වේ. කණ්ඩායම් 4 බැගින් කාණ්ඩ 3ක් යටතේ තරග වදින මෙහිදී ශූරතා කුසලානයට අමතරව තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා, තරගාවලියේ දක්ෂතම ගෝල රකින්නා, තරගාවලියේ වැඩිම ගෝල හිමිකරුවාට පිදෙන රන් සපත්තුව ආදී විශේෂිත සම්මාන පිරිනැමීමද විශේෂත්වයකි.

අද පැවැත්වෙන තරග
ප.ව. 3.00 මහනුවර ගේට්වේ ජාත්‍යන්තර පාසල - පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල

ප.ව. 4.45 රෝයල් ඉන්ස්ටිටියුට් - කොළඹ ජාත්‍යන්තර පාසල,
ප.ව. 6.30 එලිසබත් මෝයර් පාසල - කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon