මැලේසියාව සමඟ පැවැති සුහද පාපන්දු තරගයෙන් ශ්‍රී ලංකාවට ගෝල 4-1ක පරාජයක්

  👤  2935 readers have read this article !
By mawbima 2018-10-16

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම සහ මැලේසියානු ජාතික පාපන්දු කණ්ඩායම අතර සුගතදාස ක්‍රිඩාංගණයේදී පසුගියදා පැවැති සුහද ජාත්‍යන්තර පාපන්දු තරගයෙන් ගෝල 4-1ක පරාජයක් අත්විඳින්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.

එම තරගයේ පළමු අර්ධයේ 30වැනි විනාඩියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ගෝලයක් ලබාගැනීමට අසේල මධුශාන් සමත් වූ අතර එම අර්ධය නිමාවන තුරුම දෙපිලෙන්ම වෙනත් කිසිදු ගෝලයක් වාර්තා නොවිණි. දෙවැනි අර්ධය ආරම්භයේදීම ගෝල 1-0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පෙරමුණේ පසුවුවත් දැඩි ආක්‍රමණශීලීව ක්‍රීඩා කළ මැලේසියානු කණඩායම ශ්‍රී ලංකාවට ගෝල ලබා ගැනීමට ඉඩ ලබා නොදී මැලේසියාව වෙනුවෙන් ගෝල 4ක්ම සටහන් කරගැනීමට සමත් විය. සුමරේෂ් මොහමදු 86වැනි සහ 91වැනි මිනිත්තුවලදීද, ඇඩම් නෝර් 65වැනි සහ 76වැනි මිනිත්තුවලදීද මැලේසියාව වෙනුවෙන් එම ගෝල ලබාගත්හ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ '2030 දැක්ම' යටතේ පැවැත්වෙන ජාත්‍යන්තර පාපන්දු තරග මාලාවේ දෙවැනි පියවර ලෙස පැවැති මෙම තරගයට ප්‍රථම පසුගිය ජූලි මසදී ලිතුවේනියානු ජාතික පාපන්දු කණ්ඩායමට එරෙහිව පැවැති තරගය ජය පරාජයෙන් තොරව නිම කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුවත් ලෝක පාපන්දු ශේ්‍රණිගත කිරීම්වලට අනුව ලිතුවේනියාවට ස්ථාන 45ක් පහළින් සිටින මැලේසියාව හමුවේ ශ්‍රී ලංකාව ලද මෙම අන්ත පරාජය වඩාත් කැපී පෙනිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon