සමස්ත ත්‍රිරෝද රථ රියැදුරන්ට සුබ සාධක වැඩපිළිවෙළක්

  👤  2958 readers have read this article !
By mawbima 2018-10-16

ආරියරත්න ගනේගොඩ

රට පුරා සිටින සමස්ත ත්‍රිරෝද රථ රියැදුරන් වෙනුවෙන් දැවැන්ත සුබ සාධක වැඩපිළිවෙළක් අරඹා ඇතැයි ලංකා ස්වයං රැකියා සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා 'මව්බිම'ට පැවැසීය.

අපේ බලාපොරොත්තුව අපේ සහෝදර ත්‍රිරෝද රථ රියැදුරන් නඟා සිටුවන වැඩකටයුතුවල යෙදීමයි. රට පුරා ඉන්න ත්‍රිරෝද රථ රියැදුරන්ටත් මෙම සම්මේලනයේ සාමාජිකත්වය ගන්න ආරාධනා කර සිටිනවා. වැඩිදුර තොරතුරු 0770663398 හෝ 0115720533 යන දුරකථන අංකවලින් විමසන ලෙස සභාපති සුනිල් ජයවර්ධන මහතා ඉල්ලා සිටී.

තවද මෙම සම්මේලනයේ සාමාජිකත්වය ලබා ගන්නා රථ රියැදුරන්ගේ පාසල් යන දූ දරුවන්ට පොත් කට්ටල්, පොත් බෑග්, සපත්තු ලබාදීම, පවුලේ සාමාජිකයන්ගේ ස්වයං රැකියා සඳහා පොලී රහිත සහන ණය ලබාදීම, ත්‍රිරෝද රථ රියැදුරන් සඳහා ජීවිත රක්‍ෂණයක් ලබාදීම, ත්‍රිරෝද රථ රියැදුරන් සඳහා මාස හයකට වරක් වෛද්‍ය සායනයක් පැවැත්වීම, වසර අවසානයේ උත්සව සමය සඳහා වවුචර්පතක් දීම, ත්‍රිරෝද රථ සාමාජිකයන්ගේ අසනීපයකදී දිනකට රුපියල් 500ක්, මරණයකදී සාමාජිකයාට සහ බිරියට, මවට, පියාට, දරුවන්ට රුපියල් 25,000ක් දීම, අවමංගල්‍ය අවස්ථාවලදී හට් සහ පුටු නොමිලේ දීම වැනි සුබ සාධක කටයුතු කිරීමට පියවර ගන්නා බවද සුනිල් ජයවර්ධන මහතා 'මව්බිම'ට පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon