සංවර්ධන ප්‍රතිපත්ති විශ්ලේෂණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් ලබන වසරේ සිට

  👤  2956 readers have read this article !
By mawbima 2018-10-16

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශය මඟින් 'සංවර්ධන ප්‍රතිපත්ති විශ්ලේෂණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලා' නමින් නව පාඨමාලාවක් ලබන වසරේ ජනවාරි මස සිට ආරම්භ කිරීමට නියමිතව ඇත.

එක් අවුරුදු පාඨමාලාවක් වන මෙය පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයන් හා එම ආයතනවල නිලධාරීන්, රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සංවර්ධන සහකාර, ක්‍ෂේත්‍ර නිලධාරීන් සහ සමාන්තර ශේ‍ර්ණිවල නිලධාරීන්, පෞද්ගලික හා රාජ්‍ය නොවන සංවිධානවල ක්‍ෂේත්‍ර නිලධාරීන් සහ උපාධිධාරි නොවන රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල විධායක නිලධාරීන් ඉලක්ක කර ගනිමින් සිදු කෙරේ.

පාඨමාලාව සඳහා ලියාපදිංචි වීමට අවම සුදුසුකම අ.පො.ස. උසස් පෙළ විෂයයන් දෙකකින් සමත්වීම හෝ සංවර්ධන හෝ ප්‍රාදේශීය පාලන ක්‍ෂේත්‍රයන්හි අවම වශයෙන් වසර තුනක පළපුරුද්ද සහිතව අ.පො.ස. සාමාන්‍ය පෙළ විෂයයන් හයකින් එකවර සමත්වීම වේ.

මෙම පාඨමාලාව සාර්ථකව නිම කිරීම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී බාහිර උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා සුදුසුකමක් ලෙස ද සැලැකේ. දේශීයව හෝ විදේශීයව සිදු කෙරෙන ක්‍ෂේත්‍ර අධ්‍යයනයක්ද සහිතව සිදු කෙරෙන මෙම පාඨමාලාව සඳහා අයැදුම්පත් 2018 නොවැම්බර් මස 15 වැනි දිනට පෙර පාඨමාලා සමායෝජක, සංවර්ධන ප්‍රතිපත්ති විශ්ලේෂණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව, ආර්ථික විද්‍යා අධ්‍යයනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, නුගේගොඩ යන ලිපිනයට යොමු කළ යුතු වේ.

පාඨමාලාව පිළිබඳ වැඩිදුර විස්තර ඹඹඹ.ඵණන.චජ.තඬ/ටඩඵඵ වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකිය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon