මාධ්‍ය සමීක්ෂා III ග්‍රන්ථය ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති අතින් එළිදැක්වෙයි

  👤  2973 readers have read this article !
By mawbima 2018-10-16

දෙනගම ධම්මික රණවීර

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් ප්‍රකාශිත ‍ෙදාළොස් වන ග්‍රන්ථ ප්‍රකාශනය වන "මාධ්‍ය සමීක්ෂා ධ්ධ්ධ්" ප්‍රකාශනය එළිදැක්වීමේ උත්සවය මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙහි මුඛ්‍ය දේශනය "ජනමාධ්‍ය අධ්‍යාපනයේ නව ප්‍රවණතා සහ සංකල්පීය එළඹුම්" යන මැයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ හිටපු මණ්ඩපාධිපති ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා විසින් පවත්වන ලදී.

ජනමාධ්‍ය විෂය හා සබැඳි විවිධ කණ්ඩායම් ඉලක්ක කර මණ්ඩලය මඟින් වරින් වර විවිධ ප්‍රකාශන එළිදැක්වුවද "මාධ්‍ය සමීක්ෂා ධ්ධ්ධ්" වැදගත් වනුයේ වර්තමානයේ පාසල් තුළ ජනප්‍රිය විෂයක්ව පවතින "සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයන" විෂය ධාරාව, බාහිර උපාධියට අදාළ විෂය ධාරාව හා විශ්වවිද්‍යාලවල සන්නිවේදන විෂය හදාරන්නන්ගේ විෂය ධාරාව ඉලක්ක කර මෙම ග්‍රන්ථය සම්පාදනය කිරීමයි. ඒ අනුව ඉහත කණ්ඩායම් තුනටම මෙම ග්‍රන්ථය පරිශීලනය වැදගත් වන අතර මෙම විෂයට ළැදියාව දක්වන ඕනෑම පාඨකයකුට මෙය විශේෂිත වනු ඇත.

"සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය" පාසල් විෂය නිර්දේශය සඳහා අත්පොතක් ලෙස මෙම ග්‍රන්ථය ප්‍රකාශයට පත්කිරීම ආරම්භයේදී ප්‍රමුඛ අරමුණ වුවද සම්පත්දායක විද්වතුන්ගේ හා වෙනත් විද්වතුන්ගේ ඉල්ලීම වූයේ ඉහත කණ්ඩායම් තුනම අරමුණු කර ප්‍රකාශයට පත්කිරීම වඩා උචිත බවයි. ඒ අනුව එම යෝජනාවේ වැදගත්කම වටහාගනිමින් මණ්ඩලය මෙම පාර්ශ්ව කිහිපයටම පරිශීලනයට හැකිවන පරිදි මෙම ග්‍රන්ථය සම්පාදනය කිරීමට කටයුතු කරනු ලැබිණි.

ඒ අනුව මෙම උත්සවය සඳහා කලා කීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස, සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, සම්මානිත මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ, මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර, මහාචාර්ය අජන්තා හපුආරච්චි යන මහත්ම මහත්මීහු ඇතුළු විශ්වවිද්‍යාල මහාචාර්යවරු සහ ආචාර්යවරුද, ජේ‍යෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද ‍ෙදාඹගහවත්ත, ජේ‍යෂ්ඨ මාධ්‍යවේදී එස්. තිල්ලෙයිනාදන්, ජේ‍යෂ්ඨ මාධ්‍යවේදී මුදිත කාරියකරවන සහ ජේ‍යෂ්ඨ මාධ්‍යවේදී බෙනට් රූපසිංහ යන මහත්වරු ඇතුළු මාධ්‍යවේදීහුද, විශ්වවිද්‍යාල සහ පාසල් සිසුහුද විශාල පිරිසක් සහභාගි වූහ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති අධිනීතිඥ කොග්ගල වෙල්ලාල බන්දුල, ප්‍රකාශනයේ සංස්කාරක පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට යන මහත්වරුද ප්‍රකාශනයේ සහාය සංස්කාරිකා කථිකාචාර්ය අමාලි උත්පලා නන්දසිරි මෙනෙවිය සහ සහකාර පුවත්පත් කොමසාරිස් අයේෂ් විජයසිංහ මහතාද සහභාගි වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon