භාරකාර ආණ්ඩු මාතෘකාව දේශපාලන කිනිතුල්ලන්ගේ උප්පරවැට්ටියක් -ජවිපෙ මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස

  👤  2933 readers have read this article !
By mawbima 2018-10-16

අනුරාධා හේරත්

භාරකාර ආණ්ඩු මාතෘකාව දේශපාලන කිනිතුල්ලන්ගේ උප්පරවැට්ටියක් බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

තනිවම ඡන්දයකට ඉදිරිපත්ව දිනිය හැකි මහින්ද රාජපක්ෂ ඇතුළු බැසිල් රාජපක්ෂ, කුමාර වෙල්ගම, රෝහිත අබේගුණවර්ධන යන ශ්‍රී ලනිපයේ කිසිවෙක් භාරකාර ආණ්ඩුවකට කැමැති නැති බව මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.

ඔහු පැවැසුවේ සත්ත්ව ලෝකයේ කිනිතුල්ලන් කොහේ හෝ ගොනකු පිට නැඟී ලේ උරා බී ඉන් එපා වූ පසු වෙනත් ගොනකු පිට නැඟී ලේ උරා බොන ආකාරයට වත්මන් දේශපාලනයේද තනිව ඡන්දයකින් දිනිය නොහැකි උදය ගම්මන්පිල, විමල් වීරවංශ වැනි අය භාරකාර ආණ්ඩුවක් පිළිබඳව උප්පරවැට්ටියක් යොදමින් සිටින බවයි.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා වටේ සිටි එවැනි පිරිසක් මේ මොහොතේ මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ පිටේ වැසීමට දරන මේ උත්සාහය ජනතාව තේරුම් ගත යුතු බවද හෙතෙම වැඩිදුරටත් 'මව්බිම'ට කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon