ඉඩම් ආරවුලකට කතක් මහමඟදී ඝාතනය කරලා

  👤  3019 readers have read this article !
By mawbima 2018-10-16

ඒකල - ප්‍රසංග පාවුළුහේවා

ඉඩම් ආරවුලක් මුල් කර ගනිමින් ජාඇළ කණුවන ප්‍රදේශයේදී කාන්තාවකගේ ගෙල කපා මරා දමා ඇත.

පෙරේදා (14දා) සවස 6.00ට පමණ ඝාතනයට ලක්වූ කාන්තාව සිය නිවෙසේ සිට දේවස්ථානයට යන අතරතුර පිටුපසින් පැමිණි ඝාතකයා පිහියකින් ඇගේ ගෙල කපා දමා තිබේ. මියගිය අය හා ඇය ඝාතනය කරනු ලැබූ අය අතර කාලයක සිට ඉඩම් ආරවුලක් තිබී ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ රජමාවත, කණුවන කුරුඳුවත්ත පදිංචි ඉන්ද්‍රා කොලින් ද සිල්වා වික්‍රමතිලක (65) නමැති තැනැත්තියකි.

ඝාතනයට ලක් වූ අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (15දා) රාගම රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි. ජාඇළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.පී. සිල්වා මහතා ප්‍රකාශ කළේ ඝාතකයා හඳුනාගෙන ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon