බි්‍රතාන්‍ය රගර් ක්‍රීඩකයන් දෙදෙනාට හෙරොයින් සැපයීමට උදවු දුන් තිදෙනාට ඇප

  👤  2972 readers have read this article !
By mawbima 2018-10-16

අමිල අබේරත්න

කොළඹ සී.ආර්.එෆ්.සී. රගර් කණ්ඩායම සහ ශ්‍රී ලංකා නේවි රගර් කණ්ඩායම සමඟ සුහද රග්බි තරගාවලියක් සඳහා මෙරටට පැමිණි "ඛ්තඥථඵ ර්ථීඪපචබඥඵ අභඨඡර" නමැති බි්‍රතාන්‍ය රග්බි කණ්ඩායමේ මියගිය බි්‍රතාන්‍ය ජාතික තෝමස් ඇන්ඩෘෘ නෝවර්ඩ් (25) සහ බෙටී තෝමස් රීඩ් (26) යන ක්‍රීඩකයන්ට හෙරොයින් ලබාදීමට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටි තිදෙනා රුපියල් 10,000 බැගින් මුදල් ඇප සහ ලක්ෂ 3 බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය.

එලෙස ඇප මත මුදාහරිනු ලැබුවේ ත්‍රිරෝද රථ රියැදුරකු වූ රාසික් මොහොමඩ් රියාස් නමැත්තකු සහ මියගිය බි්‍රතාන්‍ය රගර් ක්‍රීඩකයන් දෙදෙනාට හෙරොයින් අලෙවි කළ ප්‍රේමතිලක ද සිල්වා නොහොත් "සනා", චන්දන පෙරේරා නොහොත් චන්න නමැත්තන්ය.

1984 විස අබිං සහ අන්තරායකර ඔෟෂධ පනතේ 78 වගන්තිය ප්‍රකාරව ජාවාරම් කිරීම යටතේ එම තිදෙනාට එරෙහිව නඩු පැවැරීමට නොහැකිවීම මත හා ඔවුන් සිදුකර ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක් අලෙවි කිරීමට ආධාර අනුබල දීම පමණක් වීම යන හේතු සලකා මහෙස්ත්‍රාත්වරිය ඔවුන් තිදෙනාට ඇප නියම කෙරිණි.

රාසික් මොහොමඩ් රියාස් නමැත්තා බි්‍රතාන්‍ය ක්‍රීඩකයන් දෙදෙනා හෙරොයින් මිලදී ගැනීම සඳහා ගිය ත්‍රිරෝදයේ රියැදුරු වන අතර හෙරොයින් ලබා ගැනීම සඳහා සනා සහ චන්න නමැත්තා බි්‍රතාන්‍ය රගර් ක්‍රීඩකයන් දෙදෙනා සම්බන්ධ කර දී ඇත්තේ ත්‍රිරෝද රියැදුරු විසිනි.

හෙරොයින් අධි මාත්‍රාව මත එක් රගර් ක්‍රීඩකයකුද හෙරොයින් විස වීම මත තවත් රගර් ක්‍රීඩකයකුද මියගොස් තිබුණු අතර සනා සහ චන්න දෙදෙනා විසින් රගර් ක්‍රීඩකයන් දෙදෙනාගේ ඉල්ලීම මත රුපියල් 17,000ක මුදලකට හෙරොයින් පැකට් 7ක ප්‍රමාණයක් ලබාදී තිබිණි.

නඩුව ලබන වසරේ මාර්තු 15දා යළි කැඳවීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon