පොළොන්නරුව වැලි ටිපර් හිමියෝ ජනපතිට දුක කියති

  👤  2951 readers have read this article !
By mawbima 2018-10-16

මහවැලි හා පරිසර අමාත්‍යාංශය යටතේ පවතින භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ මනම්පිටිය තාක්‍ෂණික සේවා සමාගමේ වැලි නිකුත් කිරීමේ ක්‍රමවේදයේ අක්‍රමිකතා පවතින බවට පසුගියදා පළවූ මාධ්‍ය වාර්තා සමඟ එහි වැලි නිකුත් කිරීමේ කටයුතු ඇනහිට තිබිණි.

මේ හේතුවෙන් සමාගමේ සේවකයන්ට සහ වැලි ටිපර් රථ හිමියන්ටද දැඩි දුෂ්කරතාවකට මුහුණදීමට සිදුවිය. පළවූ එම මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව සහ මෙම ක්‍රමවේදය ඉදිරියට ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් වැලි ටිපර් රථ හිමියන් පිරිසක් පෙරේදා (14දා) පොළොන්නරුවේ පැවැති වැඩසටහන් රැසකට එක්වූ ජනාධිපතිවරයා හමුවීමට මඟ දෙපස රැඳී සිටියහ.

මෙම පිරිස දුටු ජනාධිපතිවරයා ඔවුන් අතරට ගොස් ඔවුන්ගේ හඬට ඇහුම්කන් දෙන අයුරු ඡායාරූපයේ දැක්වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon