විපක්ෂයේ අසුන් ගත් මධ්‍යම කාරක සභිකයන්ට අද පැවැත්වෙන හමුව පිළිබඳ දැනුම් දුන්නා -ශ්‍රී ලනිප මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස

  👤  2991 readers have read this article !
By mawbima 2018-10-16

රුචිර දිලාන් මධුශංඛ

විපක්ෂයේ අසුන්ගත් මන්ත්‍රිවරුන් අතරින් මධ්‍යම කාරක සභාව නියෝජනය කරන සියලු සභිකයන්ට අද (16දා) පැවැත්වෙන හමුව පිළිබඳව දැනුම් දුන් බව ශ්‍රී ලනිප මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස "මව්බිම"ට පැවැසීය.

ඒ අනුව ඔවුන්ට ලිඛිතව, දුරකථන ඇමතුම්වලින් හා එස්.එම්.එස්. හරහාද ඒ ගැන දැනුම් දීමට කටයුතු කළ බවද මහ ලේකම්වරයා කීවේය.

ඊට අමතරව මධ්‍යම කාරක සභාව නියෝජනය කරන සියලුම දෙනාට ඊයේ (15දා) පස්වරුව වන විට එම දැනුම් දීම සිදුකර ඇති බවද මහ ලේකම්වරයා කීය.

මේ අතර විපක්ෂයේ අසුන් ගත් 15 දෙනාගේ කණ්ඩායමේ සාමාජිකයන් විසින් ශ්‍රී ලනිපය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට ලිඛිත යෝජනාවක් මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කිරීම සඳහා එවා ඇත්දැයි අප විමසීමක් කළ අතර එහිදී මහ ලේකම්වරයා කියා සිටියේ, ඊයේ (15දා) පස්වරුව වන විටත් එවැනි ලිපියක් තමන්ට නොලැබුණු බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon