ජ පුර වෛද්‍ය පීඨයේ දිරිය අරුණ වැඩසටහනෙන් රත්නපුරේ පාසලක පුස්තකාලයකට උපකරණ

  👤  2940 readers have read this article !
By mawbima 2018-10-16

ආරියරත්න ගනේගොඩ

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාපීඨයේ සිසු සිසුවියන් විසින් නොකඩවා වාර්ෂිකව සිදු කරනු ලබන 'දිරිය අරුණ' සමාජ සත්කාරක වැඩසටහනෙහි '20 වැනි අදියර' මඟින් මෙවර බස්නාහිර පළාතේ හෝ රත්නපුර දිස්ත්‍රික්කයේ අඩු පහසුකම් සහිත පාසලක පුස්තකාලයක් පිළිසකර කර දීමට හෝ උපකරණ සපයා දීමට තීරණය කර ඇත.

මේ ව්‍යාපෘතිය ඔබේ පාසලට ලබාගැනීම ලබන නොවැම්බර් මස 4 වැනි දිනට පෙර විදුහල්පතිතුමා මාර්ගයෙන් 'දිරිය අරුණ' සංවිධායක කමිටුව, පීඨාධිපති කාර්යාලය, වෛද්‍ය විද්‍යා පීඨය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ගංගොඩවිල නුගේගොඩ යන ලිපිනයට අයැදුම් කරන ලෙස ඉල්ලා සිටී.

වැඩි විස්තර සඳහා නිම්සර අබේසේකර 0717630662 ජනනි විතාන 0765262836 අමතන ලෙසද
දන්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon